31/10/2024
💎විවිධ ගෙවුඩ වර්ග💎
1. 💎ඩිසල් ගෙවුඩ (Diesel Geuda)
මේ වර්ගයේ ගලක් මතුපිටින් බැලූ විට ලා කහ පාට, ලා නිල් පාට,හෝ අවණ ගලක් ලෙස දිස්වේ. එහෙත් ඇසට ඉහළින් තබා ගත තුළින් එන ආලෝකයෙන් හෝ විදුලි එළියක් ගල තුළින් යවා ඒදෙස බැලූ විට හෝ ගල ඇතුලත ලාදුඹුරු පාටට හුරු අපද්‍රව්‍යයක් දැකිය හැකිය. මෙහි වර්ණය ඩීසල් තෙල්වල වර්ණයට සමාන නිසා මෙවැනි ගල් ඩීසල් ගෙවුඩ ලෙස හැඳින්වේ. අපද්‍රව්‍ය මගින් ගලෙහි පාරදෘශ්‍ය බව හෙවත් විනිවිද පෙනෙන සුළු බව අඩු කරයි. ඩීසල් ගතියට අමතරව කිරී පැහැ අංශුද දැකිය හැකිය. වඩාත් කැපී පෙනෙන්නේ ඩීසල් ගතියයි. මෙම ඩීසල් ගතියට හේතුවන්නේ
ගල තුළ අඩංගු වී ඇති යකඩ ඔක්සයිඩ (Fe,0,) වන අතර, කිරි පැහැයට හේතුවන්නේ ටයිටේනියම් ඩයොක්සයිඩ් (TiO,) හෙවත්
රූටයිල් කෙදි අපද්‍රව්‍ය ලෙස අඩංගුවී ඇති බැවිනි. ඩීසල් ගෙවුඩ තාප පිරීයම් කිරීමෙන් ඉතා හොඳ නිල් කැට ලබාගත හැකිය.
වර්ණය ගල පුරා ඒකාකාරීව ලැබීම සඳහා අපද්‍රව්‍ය ගල පුර ඒකාකාරීව පැතිර තිබීම අවශ්‍ය වේ. එමෙන්ම අපද්‍රව්‍ය තදින් ඇති ගල් (Thick Geuda) තාප පිරියම් කිරීමෙන් ලැබෙනුයේ තද නිල් පැහැති මැණික්ය. අපද්‍රව්‍ය ඉතා අඩුවෙන් ඇති ගල් (Young Geuda)
තාප පිරියම් කිරීමෙන් ලැබෙනුයේ ලා පාට මැණික්ය.
2. 💎කිරි ගවුඩ (Milky Geuda)
කිරි ගෙවුඩ ගල් මතුපිටින් බැලුවිට ලා නිල් පාට හෝ සුදු පාට හා කහ පාට අතර වර්ණයක් පෙන්වයි. ගලෙහි ඇතුලත් කිරි පැහැ අංශු වැනි අපද්‍රව්‍යයක් අඩංගු වන අතර මේ නිසා ගලට අර්ධ පාරදෘශ්‍ය
බවක් ලබා දී ඇත. මෙම කිරි පැහැ අංශු යනු ගලෙහි අපද්‍රව්‍ය ලෙස අඩංගු වී ඇති ටයිටේනියම් ඩයොක්සයිඩ් වේ. මෙම රූටයිල් අංශු වලට අමතරව ඩීසල් ගතියද කිරී ගෙවුඩ වල දක්නට ලැබෙන මුත් වඩාත් කැපී පෙනෙන්නේ කිරි පැහැ ගතියයි. එම නිසා මෙවැනි ගෙවුඩ, කිරි ගෙවුඩ ලෙස හැදින්වේ. අපද්‍රව්‍ය ගලෙහි සාන්ද්‍රණයවී
ඇති ආකාරය හා අඩංගු වන අපද්‍රව්‍ය ප්‍රමාණය මත තාප පිරියම් කිරීමෙන් පසු ලැබෙන වර්ණය රඳා පවතී. කිරි ගෙවුඩ තාප පිරියම් කිරීමෙන් ලැබෙනුයේ නිල් කැටයි. ඩීසල් ගෙවුඩ වලට මෙන්ම කිරි
ගෙවුඩ වලටද හොඳ ඉල්ලුමක් පවතී. එයට හේතුව මෙම ගල් වර්ග තාප පිරියම් කිරීම පහසු බැවිනි.
3. 💎සිල්කි ගෙවුඩ (Silky Geuda)
ගෙවුඩ ගලකට ආලෝක කදම්බයක් එල්ල කිරීමේදී ගල මතුපිට සේදමය දිලිසීමක් දක්නට ඇත්නම්, එය සිකි ගෙවුඩයක් ලෙස
වර්ග කෙරේ. මෙම සේදමය දිලිසීම වඩාත් හොදින් කැපී පෙනෙන්නේ ප්‍රකාශ අක්ෂය (Optical axis) ඔන්සේය. වඩාත් හොඳින් පරීක්ෂා කිරීමේදී ඉදිකටු වැනි දිගටි ස්පටිකද ගෙවුඩ පටිකයේ පැතිවලට
සමාන්තරව ෂඩශ්‍ර හැඩයෙන් පිහිටා ඇති බව දැකිය හැක. මෙම සේදමය ගතියට හේතුවන්නේ ගල ඇතුලත පිහිටා ඇති ටයිටේනියම් ඩයොක්සයිඩ් (TiO,) හෙවත් රූටයිල් කෙදිවේ. මෙම රූටයිල් සාන්ද්‍රණය අධික නම් ඒවා තික් (Thick) සිකි ලෙස ද, සාමාන්‍ය මට්ටමකට ඇතිනම් නෝමල් (Normal) සිකි ලෙස ද. අඩුවෙන් පිහිටා ඇතිනම් … (Young) සිල්කි ලෙස ද හැදින්වේ. ප්‍රතිශතයක් ලෙස එනම් ලංකාවේ පතල් වලින් ලැබෙන ගෙවුඩ වර්ග වලින් වැඩි 50%පමණ ප්‍රමාණයක් අයත් වන්නේ සිල්කි ගෙවුඩ වර්ගයයි. මෙම සිකි ගෙවුඩ ඉහළ උෂ්ණත්වයක (1600 °C ට වැඩි) ඔක්සිහාරක තත්ත්ව යටතෙ තාප පිරියම් කිරීමෙන් නිල් මැණික් බවට පත් කළ හැක.
4. 💎ඔට්ටු (Ottu)
ඔටු යනු ගල ඇතුලත නිල් පාට තිත්, රේඛා හෝ කලාප සහි ගෙවුඩ වර්ගයකි. මේවා විදුරු ගුණය සහිතය. එහි ඉතා පැහැදිලි බවක් ඇත. මෙම නිල් තිත්, රේඛා හෝ කලාප සහිත කොටස හැරුණු විට ඉතිරි කොටස් අවර්ණ වේ. මෙම නිල් පාට කොටස් ගලෙහි පිහිටන ආකාරය අනුව ඔට්ටු ගල් කොටස් තුනකට වෙන් කෙරේ.
🔷️පිට ඔට්ටු (Pita Ottu)
නිල් තිත්, රේඛා හෝ කලාප ගලෙහි පිටත පෘෂ්ඨයේ පමණක් පිහිටා ඇත. මේවා තාප පිරීයම් කිරීමෙන් බොහෝ විට වර්ණය වැඩිවීමක් සිදු නොවේ.
🔷️ඇතුල් ඔට්ටු (Etul Ottu)
නිල් තිත් රේඛා හෝ කලාප ගල ඇතුලතින් පිහිටයි. මේවා නැවතත් කොටස් කිහිපයකට වෙන් කෙරේ
🔷️තිත් ඔට්ටු
නිල් පාට, තිත් ලෙස දැකිය හැකි ඔට්ටු, තිත් ඔට්ටු ලෙස හැදින්වේ.
🔷️ඉරි ඔට්ටු
මේවායේ නිල් වර්ණය ඉරී ආකාරයට පිහිටයි.
🔷️ඌරල් ඔට්ටු
ප්‍රකාශ අක්ෂය ඔන්සේ බැලූවිට ලා නිල්පාට පැල්ලම් සහිත කලාපකිහිපයක් දැකිය හැකිය.දෝෂ රහිත ඇතුළු ඔටු තාප පිරියම් කිරීමෙන් ඉතා හොඳ තත්වයේ
නිල් කැට ලබාගත හැක. කළු ඔට්ටු
ගල පුරාම හෝ ගලෙහි කොටසක් කළු පාට (නිල් පාට වැඩිවීම නිසා) සහිත නමුත් ගල හරහා දකින එළියේදී හොඳ පැහැදිලි බවක්
සහිත ගල්, කළු ඔටු ලෙස හැඳින්වේ.
5. 💎දුම් ගෙවුඩ (Dum Geuda)
මෙම ගෙවුඩ බැලූ බැල්මට අවර්ණ හෝ ලා නිල් පැහැයකින් දිස්වේ.
නමුත් ජල බඳුනක බහා විදුලි පන්දම් ආලෝකය ගල හරහා එල්ල
කළ විට දුම් වලාවක් වැනි අපද්‍රව්‍ය විසිරී ඇති සැටි දින්වේ. මෙම අපද්‍රව්‍ය ගල ඇතුලත ඒකාකාරීව පැතිරී ඇත්නම් තාප පිරියම් කිරීමේදී හොඳ නිල් වර්ණයක් සහිත වටිනා නිල් කැටයක් ලබාගත හැක. එමනිසා දුගෙවුඩ සඳහා වෙළඳපොළෙහි හොඳ ඉල්ලුමක් පවතී. බොහෝට්ටු ඔට්ටු ගල ද මෙම දුම් ගතිය දක්නට ලැබේ.
6. 💎කෝවංගු පුෂ්පරාග (KowanguPushparaga
ලා කහ පාට වර්ණයකින් දක්නට ලැබෙන මෙම ගෙවුඩ විශේයට විදුලි පන්දම් ආලෝකයක් ගල තුළින් යන පරිදි යොමුකළ විට සිකි ගෙවුඩ වල මෙන් සේදමය ද්‍රව්‍යයකින් ගල පිරී ඇති බව දක්නට ලැබේ. නමුත් සිකි ගෙවුඩවල සිල්කි ගතියට වඩා මෙම තත්ත්වය වෙනස්වේ. කෝවංගු පුෂ්පරාග තුළ රූටයිල් නිසා ඇතිවන සිල්කි ගතිය තිබුණහොත් එය දෝෂයක් වන අතර, තාප පිරියම් කිරීමෙන් හොඳ ප්‍රතිඵල ලබා ගත නොහැක. යම් තරමකට කෝවංගු ඇති ගල්, තාප පිරියම් කිරීමෙන් හොඳ තත්වයේ පුෂ්පරාග මැණික් ලබාගත හැක. නමුත් කෝවංගු තදින් ඇන්නම් තාප පිරියම් කිරීමෙන් පසු වර්ණය ලැබුණත් එහි දිය නොවූ අපද්‍රව්‍ය කොටස්
බොහෝ විට්ට ඉතිරි වේ. මේ නිසා එයින් හොඳ පැහැදිලි බවක් සහිත පුෂ්පරාග මැණික් ලබාගත නොහැක.
7. 💎ඌරල් පුෂ්පරාග (Ural Pushparaga)
මෙම් ගෙවුඩ වර්ගයද ලා කහපාට හෝ කහපාට වර්ණයෙන් දක්නට ලැබේ. මේවායේ විශේෂත්වය වන්නේ ගලට විදුලි පන්දම් ආලෝකය යොමුකර හොඳින් පරීක්ෂ කිරීමේදී ගල ඇතුලත ලා කහපාට
සහිත කලාප කිහිපයක් ගලපුරා දක්නට ලැබීමයි. මෙම කලාප හොදින් නිරීක්ෂණය කළ හැක්කේ ප්‍රකාශ අක්ෂය ඔස්සේය. ඌරල පුෂ්පරාග ගෙවුඩ තාප පිරියම් කිරීමෙන් ද ඒවායේ කහ වර්ණය
වැඩිකර අලංකාර පුෂ්පරාග මැණික් ලබාගත හැක.
3. 💎දෙගුණ (Deguna)
රතු සහ නිල් වර්ණයන් දෙකම අඩංගුවී ඇති කොරණ්ඩම් මැණික් ගල්, දෙගුණ මැණික් ගල් ලෙස හැදින්වේ. බොහෝ විට් නිල් වර්ණය හොදින් මිශ්‍ර වී දම් වර්ණයකින් ගල් දිස්වේ. නැතහොත් රතු පාට මැනික් තුල තිත් හො පැල්ලම් වශයෙන් නිල් පාට අඩංගු වී තිබිය හැක. මෙම මැණික් විශේශය තාප පිරියම් කිරීමෙන් බලාපොරොත්තු වනුයෙ නිල් පැහැය ඉවඝ් කොට රතු පැහැය ඉහල නන්වා රතු මැණික් ලබා ගැනීමයි.
9. 💎රතු ගවුඩ (Red Geuda)
ගෙවුඩ ලක්ෂණය සහිත එනම් ඩීසල්, සිල්වකි, හෝ මිල්කි ලක්ෂණයක්
සහිත රතු කැට, රතු ගෙවුඩ ලෙස හැදින්වේ. මෙම ගෙවුඩ ලක්ෂණය
නිසා ගලෙහි පිරිසිදු බව අඩුවී ඇත. තාප පිරියම් කිරීමෙන් මෙම
ගෙවුඩ ගතිය ඉවත්කර පිරිසිදු රතු කැට ලබාගැනීමට බොහෝවිට
හැකිවේ.
මෙවැනි වැදගත් කරුණු දැනගැනීම සදහා GemZ page එක like කරලා නොදන්න අයට දැනගන්න share කරන්න.👇
https://www.facebook.com/profile.php?id=61566954927824
https://youtube.com/?si=xR_0w5PRTNs5VnPT