Dalmatian Paradise

Dalmatian Paradise Gem & Jewelry

06/03/2025

මෙම ලිපිය ඔබ වෙත ඉදිරිපත් කරන්නේ,මාගේ හිතවතෙකු විසින් තම ඥාතී දියණියකගේ මොළයේ හට ගෙන තිබූ පිළිකා රෝගී තත්ත්වයක් සඳහා මඤ්ඤොක්කා අල ප්‍රතිකාර ක්‍රමය, පහසුවෙන් යොදා ගත හැකි ක්‍රමයක් පිළිබඳ කළ විමසුමකට ප්‍රතිචාරයක් ලෙසටය.

පිළිකා සුව කිරීම සඳහා නිශ්චිත විකල්ප ක්‍රමයක් ලෙස මෙහි සාකච්ඡා කෙරෙන කරුණු කාරණා පමණක්, පිළිකා රෝගීන් විසින් නොසැලකා හැරිය යුතුය. ශල්‍යකර්ම, රසායනික චිකිත්සාව, විකිරණ චිකිත්සාව, ප්‍රතිශක්ති චිකිත්සාව වැනි උසස්ම ක්‍රම වලින් තොරව පිළිකාවලින් සුවය ලබන්නට උත්සහ කිරීම බුද්ධිමත් නොවනු ඇත.
එසේ වූවද පිළිකා වලින් ආරක්ෂා වීම සඳහා අපගේ ස්වභාවධර්මය සතු බලය නොසලකා හැර, විද්‍යානුකූල ප්‍රතිකාර ක්‍රම කෙරෙහි පමණක් විශ්වාසය තැබීම ද මුළුමනින් පි ළිකා වැළැක්වීමටත්, ප්‍රතිකාර වලින් ලැඛෙන සුවය ප්‍රගුණ කිරීමටත්, එකීස්වභාවික ශක්තීන් ප්‍රයෝජනයට ගත හැකිය.

මඤඤොක්කා අල ප්‍රතිකාරය සාර්ථකව භාවිත කළ මහාචාර්යවරයෙක් පිළිබඳවයි මේ.
පිලිපීනයේ මැනිලා හී, සන්තෝම් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය මැනුවෙල් නවාරෝ මහතා විසින් බොහොම කාලකට ඉහතදී මඤ්ඤොක්කා අල ප්‍රතිකාරයෙන් උග්‍ර පිළිකා රෝගීන් 500 ක් පමණ සුවපත් කොට ඇති බවටද වාර්තා වෙනවා. මහාචාර්ය නවාරෝ විසින් යොදා ගත්, ඒ විශේෂිත මඤ්ඤොක්කා අල ප්‍රතිකාර ක්‍රම පහත දක්වේ.

අගල් 4ක පමණ දිග සහ අගල් 2 ක් 3 ක් පළල අමු පිරිසිඳු මඤ්ඤොක්කා අල කැබැල්ලක් සොයා ගන්න. එහි දුඹුරු පැහැති පිට පොත්ත පමණක් ශුද්ධ කරගන්න.
දැන් එය කුඩා කැබලි වලට කපා ගෙන එම කැබලි බ්ලෙන්ඩරයකට දමා ඊට උතුරුවා නිවා ගත් පිරිසිදු ජලය පිරුණු කෝප්ප 2ක් දමා මිනිත්තු 2ක් පමණ වැඩි වේගයකින් හොඳින් බ්ලෙන්ඩර් කර ගන්න.

දැන් අඹරා ගත් කිරි පැහැති දියරය උස වීදුරුවකට දමා පැය දෙකක් පමණ ශීතකරණයේ තබන්න. එවිට මඤ්ඤොක්කා අල වල පිටි කොටස වීදුරුවේ පතුලේ තැම්පත් වන ආකාරය දැකගත හැකිය.
ඉහළින් තිබෙන ජලය වැනි අවර්ණ දියර කොටස ප්‍රවේශමෙන් වෙනත් භාජනයකට වෙන් කර ගන්න. එම දියරයෙන් භාගයක් උදේ කෑමට පෙරද ඉතිරි භාගය සවස ද පානය කරන්න. (මෙම ද්‍රාවණය තරමක් තිත්ත රසයක් ගනී) ඊට පසු දිනද පෙර සේම ද්‍රාවණය සකස් කර ගන්න. හැබැයි පෙර දිනයේදී ඔබ ගත් අල කැබැල්ලට වඩා අගල් භාගයක් දිග වැඩි අල කැබැල්ලක් ගැනීමට වග බලා ගත යුතු බවට මතක තබා ගන්න.

මෙසේ ක්‍රමයෙන් අල කැබැල්ලේ දිග අගල් භාගය භාගය වැඩි කරමින් මඤ්ඤොක්කා අල ද්‍රාවණය සකස් කර ගෙන පානය කරන විට, එක් දිනකදී මෙම ද්‍රාවණය පානය කිරීමෙන් අනතුරුව, ඔබට කරකැවිලි ගතියක් දැනෙණු ඇත. (ඔබ මතක තබා ගන්න. ඒ ඔබට දරා ගත හැකි ඖෂධයේ සීමාවයි. මාත‍්‍රාවයි)
පසු දින සිට සිට ඔබ ගන්නා මඤ්ඤොක්කා අල කැබැල්ලේ දිග අගල් භාගයකින් අඩු කරන්න වග බලාගන්න. අගල් භාගයකින් අඩු කළ මඤ්ඤොක්කා අල කැබැල්ල (උදාහරණයක් ලෙස අද දින ඔබට කැරකැවිල්ල හැදුනූ අල කැබැල්ලේ දිග අගල් 8 ක් නම්, හෙට සිට ඔබ පෙර කී ද්‍රාවණය සකස් කර ගැනීමට ගත යුතු මඤ්ඤොක්කා අල කැබැල්ලේ දිග අගල් 7 හමාරක් විය යුතුය.)

මතක තබා ගත යුතු වැදගත් කාරණයක් වන්නේ ඔබේ මාත‍්‍රාව ඉක්මවා නොයැමයි.එය නිසි ආකාරයෙන් සිදු කරන්න.
මෙම ද්‍රවණයේ රසය, ප්‍රසන්න කර ගැනීම වෙනුවට දොඩම් හෝ දෙහි යුෂ එක් කර ගත්තාටද වරදක් නොමැත.එවිට ඔබට අප්පිරියාවක් නොදැනෙනු ඇත.

මෙම ප්‍රතිකාරය මාස 3ක් පමණ කළ යුතු බව වෛද්‍ය සින්තියා ජයසූරිය මහත්මියගේ අත්දැකීම් අනුව පැහැදිළි කර තිබෙනවා. වෛද්‍ය ජයසූරිය මහත්මිය විසින් තම පිළිකා රෝගය සම්පූර්ණයෙන්ම සුව කර ගෙන ඇත්තේ දිනපතාම වේලකට මඤ්ඤොක්කා ග්‍රෑම් 100 ක් පමණ, මාස 3 ක් එක දිගට ආහාරයට ගැනීමෙන් බව ඇය විසින් හෙළි කර තිබෙනවා.
මෙම ප්‍රතිකාර ක්‍රමය මහාචාර්යය නවාරෝ විසින් ළමුන් සඳහා නිර්දේශ නොකලද පසුව කරන ලද ප්‍රායෝගික අත්දැකීම් වලට අනුව ළමුන් සඳහාද භාවිත කළ හැකි බව සින්තියා ජයසූරිය මහත්මිය ප්‍රකාශ කර තිබිණා.ළමුන් සඳහා භාවිත කිරීමේදී ප්‍රතිකාරය ආරම්භ කිරිමට යොදා ගන්නා මඤ්ඤොක්කා අල කැබැල්ලේ දිග, ළමයාගේ වයස අනුව තරමක් අඩු කළ යුතු බව මගේ හැගීම වනවා.

මෙම ප්‍රතිකාර ක්‍රමයේ තවත් වාසියක් වන්නේ මඤ්ඤොක්කා අල වල තිඛෙන පිෂ්ඨය ඉවත් කෙරෙන නිසා දියවැඩියා රෝගීන් සඳහාද සුදුසු විමයි.
පිළිකා මර්දනයෙහිලා මඤ්ඤොක්කා අල සතු සුවිශෙෂී හැකියාව මෙන්න

මඤ්ඤොක්කා අල සහ ඇප්‍රිකොට් වැනි ශාක තුළ තිබෙන, විටමින් බී 17 මගින් පිළිකා ෙසෙල පමණක් විනාශ කරන හේතුව නිසා සහ එය සාමාන්‍ය නිරෝගී සෛල වලට හානි නොකරන නිසාවෙන් මඤ්ඤොක්කා අල සතු පිළිකා මර්දන හැකියාව විශිෂ්ඨ වන බව පැවසෙනවා.
පිළිකා මර්දන හැකියාව සතු තවත් ස්වභාවික ආහාර වර්ග කිහිපයක් මෙන්න.

මඤ්ඤොක්කා අල ග්‍රෑම් 100 ක විටමින් බී 17 මිලි ග්‍රෑම් 500 ක් පමණ අන්තර්ගත වන බවත්, බතල අල ග්‍රෑම් 100 ක විටමින් බී 17 මිලි ග්‍රෑම් 100 ක් පමණ තිඛෙන බවත් සොයා ගෙන තිබෙනවා.
මීට අමතරව, රතු කැකුළු සහල්, රතු කවුපි. තල වැනි ආහාරවලත් විටමින් බී 17 අඩංගු වෙයි. පිළිකා මර්දනයෙහිලා කටු අනෝදා, පැපොල්, කොමාරිකා මදය දෙළුම් කරවිල ඇට සතු විස්මිත හැකියාව පිළිබඳවද අවධානය යොමු කළ යුතු බව, විද්‍යාඥයින් අවධාරණය කර තිබෙනවා.

(මෙම ලිපිය කියවා කිසිවෙකු හෝ ප්‍රයෝජනයක් ගත්තොත්, එයින් ලැඛෙන පිනෙන්, මඤ්ඤොක්කා අල සතු පිළිකා මර්දන හැකියාව පිළිබඳව ලාංකිකයින්ගේ ඇස් පෑදු විශේෂඥ වෛද්‍ය සින්තියා ජයසූරිය මහත්මියට දීර්ගායුෂ ලැබෙන්නට, හේතු වේවා කියා ප්‍රාර්ථනා කරනවා.)ලිපිය ටයිප් කරපු කෙනාටත් ගොඩක් ස්තුතියි
මෙත් සිතිණි.

සටහන:- නේරංජනා කස්තුරිආරච්චි. කතෘ අයිතිය මුල් අයිතිකරු සතුය.

ඉදිරියේදී පළවන ලිපි ඔබ අතරට පත් වීමට අපේ Page එකට Like එකක් යොදා එකතු වෙන්න කියල ඔබ සැමට ආරාධනා කරනවා. ලිපිය හොදයි නම් අනිත් අයටත් බලන්න Share කරන්න. අදහස් Comment කරන්න.❤❤

06/03/2025
05/03/2025

ලේ වල සීනි සහ කොලෙස්ට්‍රොල් තියන අය ඉන්නවා නම්, මෙන්න මේක කරලා බලන්න.

එහෙම අයට වැදගත් වෙයි කියලා හිතුනා.

අවුරුදු කිහිපයකට කලින් හිටපු මහාචාර්යවරයෙක් ඔහුගේ වෛද්‍ය වාර්තාව පෙන්නුවම මම විශ්මයට පත් වුණා. ඒකට හේතුව ඔහුගේ,

▫️රුධිර සීනි මට්ටම
▫️කොලස්ට්‍රෝල් මට්ටම
▫️ට‍්‍රයිග්ලිසරයිඩ් මට්ටම
▫️ලිපිඩ මට්ටම

හොඳටම වැඩි වෙලා තිබුණේ. කොච්චර වැඩි වෙලා තිබුණ ද කියනවා නම් ඒ රුධිර සීනි මට්ටමේ හැටියට ඔහුව වහාම රෝහල් ගත කල යුතුව තිබුණා. මම කලබල වෙලා ඔහුගෙන් අහපු පළවෙනි ප‍්‍රශ්නෙ තමයි කොහොමද මෙච්චර සීනි වැඩි වුණේ කියලා.

ඒක අහලා හිනාවෙලා මහාචාර්යවරයා තවත් blood report එකක් බලන්න දුන්නා. ඒකෙ සීනි මට්ටම සහ අනිකුත් ලිපිඩ මට්ටම් සාමාන්‍ය අගයට පහළ බැහැලා තිබුණා. පුදුමයක් දෙවෙනි report එක අරන් තිබුණේ පළවෙනි ඒක අරගෙන මාසෙකට පස්සේ. මේක කොහොමද වුණේ? මෙච්චර අඩු කාලෙකින් සීනි මේ ගානට බැස්සේ කොහොමද? මම නැවතත් ඇහුවා.

ඔහු කිව්වා, මට මගේ doctor ඉක්මනින්ම සීනි අඩුවෙන්න හොඳ වට්ටෝරුවක් දුන්නා. මන් මේක සීනි හොදටම වැඩි වුණොත් විතරක් අවුරුද්දකට එක පාරයි කරන්නේ කියලා. ඔහු ඉතාම කැමැත්තෙන් ඒ වට්ටෝරුව මාත් සමග බෙදාගත්තා

මෙන්න ඒ රහස් වට්ටෝරුව 👇

හැම සතියකම වෙළඳපොලෙන් වට්ටක්කා මිලදී ගන්න. ග‍්‍රෑම් 100 ක් විතර කුඩා කැබලි වලට කපාගන්න. ඒ ටික වතුර ටිකක් එක්ක blender එකකට දාල හොඳට blend කරගන්න. ඔබට දැන් ලැබෙන්නේ විටමින් බහුල වට්ටක්කා smoothie එකක්.

උදේ කෑම කන්න විනාඩි 15 ක් 20 කට කලින් මේක හිස් බඩ බොන්න ඕන. මාසයක් විතර මේ වැඩේ කරලා බලන්න. ප‍්‍රතිඵලයක් ලැබුනද කියල බලන්න බොහොම පහසුයි. මේ ප‍්‍රථිකාරය කරන්න කලින් සහ කලාට පස්සේ Blood check කරලා බලන්න. අනිවාර්යෙන්ම සීනි සහ කොලස්ට්‍රෝල් අඩු වෙලා තියේවි.

මේකේ තියෙන වටිනාම දේ තමයි කිසිම අතුරු ආබාධයක් ඇති නොවෙන එක. මොකද මේක සම්පුර්ණයෙන්ම ස්වභාවික ප‍්‍රථිකාරයක්. මේ පානය හදාගනිද්දි කොයිම වෙලාවකවත් සීනි දාන්න එපා. පැණිවත් දාන්න එපා.

අපේ මහාචාර්ය තුමා chemical engineer කෙනෙක්. ඔහු වට්ටක්කාවල පෝෂ්‍ය ගුණය සහ අඩංගු සංඝටක ගැන අධ්‍යයනය කරලා ගොඩක් දේවල් හොයාගෙන තිබුණා. වට්ටක්කාවල අඩංගු පෝෂ්‍ය පදාර්ථ වලට අපේ සිරුරේ ධමනි වල තැන්පත් වෙලා තියෙන LDL Cholestrol ඉවත් කරලා මුත‍්‍රා සමග පිට කරන්න හැකියාවක් තියෙනවා.

05/03/2025

🌷තව කෙනෙකුට බැලීමට සලස්වන්න🌷

කබර රෝගයට තෙලක්
අවශ්‍ය අමුද්‍රව්‍ය -

වේලිච්ච පොල් ගෙඩි 21
හීන් උඳුපියලිය කිලෝ 1
හීන් බෝවිටියා පස් පංගුව (එක පංගුවකින් ග්‍රෑම් 200)
ඇත්තෝර පස්පංගුව ( එක් පංගුවකින් ග්‍රෑම් 200)
හීන් ගොටුකොළ සහමුලින් කිලෝ 1
ඉරමුසු සහමුලින් ග්‍රෑම් 400
අමුකහ ග්‍රෑම් 200
ලොඳ නැති රන් තැඹිලි ඇට්ටි ගෙඩි 3
ලිපේ අළු ග්‍රෑම් 200 (පොල් ගහේ කොටස්වලින් එන අළු වැඩිපුර හිටින්න)
සුදු පොල් තෙල් බෝතල් 1
කුඩා රත්‍රන් කැබැල්ලක්

පළමුවෙන්ම පොල් ටික ගාගෙන මිරික ගෙන පළමු කිරි ටික පැත්තකින් තියන්න.හීන්උඳුපියලි‍ය, හීන් ගොටුකොළ, හීන් බෝවිටියා, ඇත්තෝර, ඉරමුසු සමඟ කලින් ඉතිරි වෙච්ච පොල් කුඩු හොඳින් කොටාගෙන අවශ්‍ය පමණට වතුර දමා මිරිකගන්න. ඊට පසු අමු කහටික කොටාගෙන, රන් තැඹිලි ඇටි තුනෙන් වතුර අවුන්ස 21 කට දියකරගෙන ඒකත් එක්ක රත්‍රන් කැබැල්ලත් එකතු කරල ලිපේ තියල හිඳගන්න. තෙල මතුවනකොට ලිපේ අළු සමඟ පොල්තෙල් බෝතලයත් එකතුකරගන්න.ඒ අවස්ථාවෙදිම කලින් මිරිකල තියාගත්ත පළමු පොල් කිරි ටිකත් එකතු කරගන්න. සෙල්සියස් අංශක 80
උෂ්ණත්වයේ ගින්දර පාලනය කරමින් හිඳගන්න.සුදු දුම ඉවරවුනාට පසු බාගන්න.ඒ වගේම මේ අමුද්‍රව්‍ය කපා කොටා ගැනීමේදී මළකන යකඩ උපකරණ භාවිතා කිරීමෙන් වලකින්න.සුදුයකඩ, තඹ,පිත්තල,ගල් හෝ ලී උපකරණ ආදිය භාවිතා කරන්න.

මේ හිඳගත්ත තෙල උදේ 7.00 විතර කබර තියෙන තැන්වල රවුමට ආලේප කරන්න.දවල් 12.00 සෝදාහරින්න.මාස 2 ක් පමණ යනකොට ඕනෑම කබර රෝගයක් සුවවෙනවා.

උපුටා ගැනීමක්......

10/12/2024
08/12/2024

කාටත් වැදගත් වෙවි යැයි සිතුණා.......
උපුටා ගැනීමක්
මම පිළිකා රෝගයෙන් මිදුණහැටි
sunimali de silva gunasekara

පළමුව - ඔබ දන්නා පිළිකා දොස්තර කෙනකු හමුවන්න.. ඔහු දෙන ආවවාද හොදින් පිළිපදින්න.. බෙිත් හේත් සේරම අකුරට පිළිපදින්න.

පිලිකාව කියන්නේ මරණ දඬුුවමක් නොවන බව මතක තියාගන්න. පිලිකාව යනු විටමින් උෟණතාවයක් නිසා හටගන්නා රෝගයකි.. ඉතින් අප කලයුත්තේ මෙම උෟණතාවය මගහරවාගන්න එකයි.. එය මම මගහරවා ගත් අයුරැ තමා පහත සඳහන් වන්නේ.. ඉතින් ඔබත් කරලා අත්හදාබලා සුවයක් ලාබාගන්න.

කිමෝ ගන්න තියනවානම්
ඊට දවස් 14කට පෙර සිටන් කහ පැහති ආහාර පානය කරන්න.
කැරට්, වාට්ටක්කා.. විටමින් සි 500 පෙති 6යක් සහ විටමින් ඩි දිනපතා වතුර හමග බොන්න.

සතියට වරක් උදේ කැමට පෙර මෙම ආහාර
කැමට ගන්න බලාන්න

1) මංඤොඤෝකා මිශ්‍රනය
මංඤොඤ්කා අගල් 4ක පමණ අලයක් ගෙන එහි පිටපොත්ත හොදින් සුද්දකර වතුරෙන් සෝදාගන්න. ගෙදර
බෙලේන්ඩරයක් ඇතිනම් මංඤොඤ්කා අලය පොඩි කැලිවලට කාපා බොන වතුර කොප්ප 2ක් දාමා හොදින් බෙලෙන්ඩර් කරගන්න.
මේම මිශ්‍රනය දැන් කිරි පාට එකාක්.. සීතකරණයක් අතොත් මේම මිශ්‍රනය උස ජොග්ගුවකට දමා පැය 2-4ක් සොලවන්නේ නැතුව තබාන්න.. සීතරකරණයක් අවශය නැහැ. බෙලෙන්ඩරයක් නැති නම් වන්ගෙඩියෙ හොදාමා උරාච්චිකරගෙන වතුර බොනවතුර කොප්ප 2ක් එක්කර ජොග්ගුවකට දාමා පැත්තකින් තාබා පැය 4ක් ගියපසු සෙම්න් මන්ඩි කලඹවගන්නේ නැතුව උඩවතුරටික පමණක් පෙරා ගෙන පානය කරන්න. උදේට එක විදුරවයි හවසට එක විදුරැවයි පානය කරන්න.. සතියට වාර 2කක්වත්.

2) මුරැංගා කොල මිශ්‍රනය.
*මුරැංගා කොල අහුරැ දෙකක්
*ගොටුකොල අහුරැ 2කක්
*කරපිංචා කොල 1ක ඉත්තක්
*ඉඟුරු කැබැල්ලක් (කැමතිනමි)
*සුදුලුණු බිකක්

හොදින්සොදා ගෙන බිලෙන්ඩයකට දමා බොන වතුර කොප්ප 2කාක් දාමා හොදින් බිලෙන්ඩර කරගන්න.. බිලෙන්ඩරයක් නැතොත් වන්ගෙඩියේ දාමා උරාච්චිකර එකට බොන වතුර කොප්ප 2කාක් දාමා
හොදින් මිශ්‍රරකරගන්න.. එය පෙරාගෙනවතුර ටික බොන්න.. මන්ඩි ටික කැමතිනම් ආහාර පිසිමේදි ආහාරයකට එකතු කරගන්න.. මෙය සතිියට වාතාවක් නොවරදවාම කරන්න.

3) රතු හාල්
රතුහාල් පමණක් ආහායට ගන්න. පිෂ්ඨධාතු ආහාර වැඩිපුර ගැනිමේන් වළකින්න. පාන්පිටි ආහාරය නාවත්වන්න

4(සීනි පැණි බීම සහ එ්වයින් හදන කැම ගැනිමේන් වලකින්න.

5) කටු ආනෝදා කන්න

6) දෙළුම් ඉස්ම හො දෙලුම් කැමති තරම් කන්න.

7) සති 3නකට වරක්
කහ සහ ඉඟුරුතලා දෙහි හො ලෙමන් ගෙඩියක් එකතු කර ඒ මිශ්‍රනය පානය කරන්න.

😎 නිතර වතුර බොන විට දෙහි හො ලෙමන් කැබැල්ලක් වතුරට දාමා වතුර පානය කරන්න.

ඇපල් ඇට කාන්න.. දවසකට 1ක ඇපල් ගෙඩියක ඇට පමණක් කැමට ගන්න (ප්‍රමාණය ඉක්මවා නොකන්න)

මිදි ගෙඩිවල ඇට ද කන්න

වට්ටක්කා ඇට කන්න

කරවිල ඇට දිනකට 9යක් කන්න

කරවිල අමු සම්බෝල කැමට ගන්න

9) බේකින් සෝඩා තේහැන්දක් හොඳට නටන උනුවතුර කෝප්ප බාගයකට දාමා හොඳින් දියකරගන්න. දියරය පාටනැති (වතුර පාට වෙනකල් දියකර ගන්න) ඉන්පසු
කොප්පයේ ඉතුරැ බාගයට බොන වතුර එක්කර හොඳ මිපැණි තේ හැන්දක් එක්කර ගන්න. මෙම මිශ්‍රනය උදේ කැමෙන් පෙර බොන්න.. (බේකින් සොඩා වලින් කරන්නේ පිලිකා ශෙෙල මරණ එකයි මිපැණි වලින් කරන්නේ
බේකින් සොඩා එක පිලිකා ශෙෙලවලට ඇතුල් කිරිමයි. පිළිකා වට පැවතෙන්න සිනි ඉතා අත්‍යාවශ්‍යයි එහන්නදා මේවිදිහට පිලිකාව මැරිය හැක. සතියක් ඇර සතියක් වෙන එකක් කරන්න

ඇපල්/බීට්/කැරට් මිශ්‍රනයත් බොන්න සතියකට සැරයක්

මේවට්ටොරැ සිල්ලම එක එක සතියට කරන්න.

දොස්තර අනුමැතිය ඇතිව පමණක් 👇
කිමෝ ගන්න කලින් හොඳට ලෙමන් යුෂ බොන්න සීනි නැතුව.. වමනය යැම වැලැක්වේනවා. වමනය යනවානම් දොස්තරගෙන් emset 4mg පෙත්තක් ඉල්ල ගත්තොත් කිමෝවලට කලින් වමනය යන්නේ නැහැ. මේවා දොස්තරට කිව්වේ නැත්නම් දෙන්නේ නැහැ.. මම කියලයි ඉල්ල ගත්තේ....

උපුටා ගැනීම

24/10/2024

මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ ප්‍රවාහන පහසුකම් ඇති වේලාවන් ⏰🚌🚌

1)කතරගම උදේ 7.30 0717458751

දවල් 12.00 ,, 0766367777

සවස 3.00 ,0719658312

රාත්‍රී 7.30...0717977171

2) බදුල්ල උදේ 10.30 0761382300

සවස 3.30/0771515131

සවස 6.30/076633030

3) හම්බන්තොට උදේ 9 සිට සවස 5.30 දක්වා ඇත

4) ඇඹිලිපිටිය උදේ 6.30 රාත්‍රී 7 දක්වා පැයෙන් පැය භාගෙන් 0714900045

5) අගුනකොලපැලැස්ස උදේ 5.30/ 0716114444

6) මොනරාගල උදේ 5.00 0719009717

උදේ 8.00/0716346000

උදේ 10.00/0769202286

දවල් 2.00/0777205904

සවස4.00/0715215187

සවස6.00/0764535500

රාත්‍රී 8.30/0743070412

7) නුවර උදේ 6.30/0743070412

සවස 2.30/0776667510

8. මාතලේ සවස 4.00/0766387075

9)තංගල්ල උදේ 5.30සිට 6.30 දක්වා පැයක ට වරක් 0779665385

10)මාතර උදේ 5.30සිට රාත්‍රී 8.00 දක්වා පැය භාගයෙන් භාගයට

11)ගාල්ල උදේ 5.30සිට රාත්‍රී 8.00දක්වා පැය භාගයෙන් භාගයට

12)කඩවත උදේ 5.55 සිට රාත්‍රී 8.00දක්වා විනාඩි 15කට වරක්

13)ගම්පහ උදේ 6.30සිට රාත්‍රී 7.50දක්වා විනාඩි 30කට වරක්

14)කඩුවෙල උදේ 6.45සිට රාත්‍රී 7.50 දක්වා පැය භාගයට වරක්

15)අලුත්ගම උදේ 7.25සවස 5.50දක්වා

16)හොරන උදේ 7.50 සවස 6.15 දක්වා

17)කලුතර උදේ 6.20සවස 6.45දක්වා

18)මතුගම උදේ 6.30රාත්‍රී 9.00 දක්වා

19)පානදුර උදේ 6.40සවස6.05 දක්වා පෝය දිනට වෙනස් වේ

20)නෙලුව උදේ 6.30

උදේ 11.20

21)ගිරි උල්ල උදේ 6.25

සවස 5.10

22)සියබලාන්ඩුව උදේ 8.00

සවස4.00

23) බඩල්කුබුර දවල් 12.00/0765900100

24) සුරියවැව සවස2.30 0719527110

25) මීගමුව උදේ 6.10 රාත්‍රී 7.10 දක්වා,,,,,,,,,,,
දෛනික තොරතුරු වෙනස් විය හැක

අනිත් අයටත් ප්‍රයෝජනවත් වෙන නිසා share කරන්න අමතක කරන්න එපා!
තම්බපණ්ණි

Copied

17/10/2024

ලේසියෙන් Driving ලයිසන් එක අලුත් කරගන්නේ මෙහෙමයි

- සටහන Lihil Uthpala Subasinghe

මෙන්න මෙහෙමයි මං ඩ්‍රයිවින් ලයිසන් එක renew කලේ.

1. මෙඩිකල් ටෙස්ට් එකට දිනයක් වෙලාවක් වෙන්කරගත්ත. NTMI website එකෙන් නැත්තන් E channeling website එකෙන් booking එකක් දාගන්න පුළුවන්. මං ගියේ නුගේගොඩට. Rs. 800යි ගාන. ටෙස්ට් කරන දවසට ආයේ සල්ලි ගෙවන්න ඕන නෑ. https://ntmi.lk/oas/ හෝ https://www.echannelling.com/Echannelling/doctors/--DRIVING-LICENCE-MEDICAL-D9074

2. මට තිබුනේ 10.30 ට appointment එක. 10 වෙද්දී එතෙන්ට ගියා. ගිය ගමන් ඇතුලට ගත්තා. මතක ඇතුව පෑනක් අරන් යන්න. ගේට්ටුවෙන් ඇතුල් වෙලා 10m විතර යද්දී දකුණට දොරක් තියනවා. එකෙන් ඇතුල් වෙන්න. එතන තියන පලවෙනි කවුන්ටර් එකෙන් (Reception) appointment එකේ විස්තර හරිද කියල චෙක් කරලා උසයි බරයි බලල ටෝකන් එකක් දෙනවා.

3. ඊළඟට registration. කවුන්ටර්ස් තුනක් විතර තියනවා. එතෙන්ට ගිහින් ටෝකන් එකයි, ඩ්‍රයිවින් ලයිසන් එකයි, NIC එකයි දෙන්න තියෙන්නේ. එතනදී phone number එක එහෙම submit කරන්න ඕනේ. Photo එකකුත් ගන්නවා එතන තියන We**am එකකින්.

4. ඊට පස්සේ blood test එක. ඒ තට්ටුවෙමයි lab එක තියෙන්නේ. කවුන්ටර්ස් 6ක් විතර තියනවා. එතනට ගිහින් ටෝකන් එකයි, ලයිසන් එකයි, NIC එකයි දෙන්න තියෙන්නේ. ඇගිල්ලට පොඩි කට්ටකින් විදිනවා විතරයි. Blood sample එක ආරගත්තට පස්සේ එතන වැඩේ ඉවරයි.

5. ඊට පස්සේ උඩ තට්ටුවට යන්න ඕනේ physical examination එකට. උඩ තටුවට ගිහින් ඉඳගෙන ඉන්න තියෙන්නේ. අපේ ටෝකන් අංකෙ කතා කරනවා ටික වෙලාවකින්. Display නම් දාල තිබ්බේ නැහැ. හයියෙන් කෑගහනවා අංකෙ කියල 😉

6. අංකෙ කතා කලට පස්සේ එක සැරේ 5ස් දෙනෙක් විතර doctor ගාවට එක්කන් යනවා. ගිහිල්ල ගැප් තියල හිටෝනවා. ඊට පස්සේ අතපය joints වැඩකරනවද, ඇස් පේනවද, කන් ඇහෙනවද කියල චෙක් කරනවා. මේ වෙනකොට අපේ printed medical certificate එක doctor ගාවට ඇවිල්ලා තියෙන්නේ. එකේ තියන නම ගම NIC number විස්තර හරිද කියල double check කරලා, medical certificate එක උඩ අපි sign කරලා එලියට එනවා.

7. ඊළඟට ටිකක් වෙලා ඉඳගෙන ඉන්න තියෙන්නේ. ආයේ අපේ අංකෙ කියල කෑගහනවා. Medical certificate එක අපේ අතට දෙනවා. එතනින් වැඩේ ඉවරයි. මට මේ ටිකට පැයයි ගියේ.

8. ඊළඟට 0112677877 ට කෝල් එකක් දෙන්න වේරහැර දිනයක් වෙලාවක් වෙන්කරගන්න. සේවා නියෝජිතයෙක්ට කතා කරනවා වගේ මදක් රැදී සිටින්න කියන්නේ නෑ. Fully automated. අංක ඔබ ඔබ instructions follow කරන්න තියෙන්නේ. ලඟම තියන දිනයයි වෙලාවයි හම්බවෙනවා. එදාට බැරිනම් වෙන දවසක් දාගන්නත් option එකක් දෙනවා (confirm කරන්න අංක 1 ඔබන්න, වෙනත් දිනයක් ලබාගැනීමට අංක 2 ඔබන්න වගේ). මේ booking එක දාගන්න වැඩිම උනොත් විනාඩියක් යයි. මට ලැබුනේ සති දෙකකට පස්සේ දවසක් (04.01.2021 9.08 AM). SMS එකක් එනවා booking එකේ විස්තර ඔක්කොම දාල. මෙතන හොඳ වීඩියෝ එකක් තියනවා full process එකම https://www.youtube.com/watch?v=aVQ6V9YU4J0&t

9. ඉතින් අද ගියා වේරහැර. NIC එකයි, ඩ්‍රයිවින් ලයිසන් එකයි, medical certificate එකයි විතරයි අරන් ගියේ. ෆොටෝකොපි මුකුත් ඕන නෑ. උදේ 9 යි හරියටම වෙලාව. Main gate එකේදී SMS එක පෙන්නලා booking number එකයි NIC number එකයි කිවුවා. එයාල අද දවසෙ booking list එක චෙක් කරලා මගේ booking එක verify කරලා ඇතුලට යන්න දුන්න. මේ විධියට තව checkpoints 2 කින් විතර appointment එක චෙක් කලා main gate එකේ ඉදන් ඇතුලට යන අතර මගදිත්.

10. කෙලිම්ම ගියා H hall එකට. H hall එකට ඇතුල් උන ගමන් වම් පැත්තේ තියන කවුන්ටර් එකේ හිටපු receptionist, ආයෙමත් appointment එක verify කරලා මට ටෝකන් එකක් දුන්න. ඊට පස්සේ විනාඩි 2ක් 3ක් ඉඳගෙන ඉන්න වුනා. ඊට පස්සේ security එකෙන් අපිව ඇතුලට ගත්තා. අංකෙ කතා කලේ නැහැ. හිටපු 10 දෙනාවම වගේ ඇතුලට ගත්ත.

11. ඊට පස්සේ documents checking. කවුන්ටරස් 1-18 ඕන එකකින් ගිහින් ඉදගන්න කිවුවා. මුල් ටිකේ කට්ටියට හිටපු හින්ද මං අග හරියේ එකකින් ගිහින් වාඩිඋනා. NIC එකයි, ඩ්‍රයිවින් ලයිසන් එකයි, medical certificate එකයි බාරදුන්න. මහපට ඇගිලි දෙකේ fingerprints scan කලා. Photo එකක් ගත්තා. Digital display එකක් උඩ sign කළා. එතන වැඩේ ඉවරයි. මගේ documents 3ම ආපහු දුන්නා. අලුතෙන් printout එකකුක් දුන්නා (MTA30 Application for Driving License). එකේ sign කරන්න කිවුවා.

12. ඊට පස්සේ කවුන්ටර්ස් 19+ එකකට යන්න කිවුවා. එතනින් මගේ documents 3යි අර අලුතින් දුන්නු MTA30 printout එකයි ආපහු ඉල්ලගත්තා. ඒ ටික check කරලා ආපහු දුන්නා. එත් එක්කම මට Temporary Driving License එකේ A4 printout එකකුත් දුන්න (DMT33). ඒක valid මාස 4 කට.

13. ඊට පස්සේ කවුන්ටර් 30+ එකකට යන්න කිව්වා සල්ලි ගෙවන්න. Counter 30 එකේ cashier ට NIC, පරණ driving license, medical certificate, MTA 30 printout සහ temporary driving license printout කියන document 5 ම submit කළා. එතනින් ඒ ටික චෙක් කරලා ගෙවන්න කිවුවා Rs.1700 ක්. ඒක ගෙවුවාම රිසිට් එකක් හම්බ වුනා. අර ඔක්කොම documents ටිකත් ආපහු දුන්න. පරණ ඩ්‍රයිවින් ලයිසන් එක එයාල තියාගත්තේ නෑ. Temporary driving license එකේ යටම sign කරලා use කරන්න කිවුවා.

14. වැඩේ ඉවරයි. වේරහැර මේ ඔක්කොටම ගියේ විනාඩි 22යි. 😊

13/10/2024

මනුස්සයෙක් මේ ලෝකේ කරන ලොකුම වැරැද්ද තමයි තමන්ව එපා කියලා දාලා ගියපු කෙනෙක්ට ආයෙත් එන්න දොර අරින එක ...

සමහර වෙලාවට මගෙන් ප්‍රශ්න අහනවා සමහරු දාලා ගියපු කෙනාව ගෙන්න ගන්න ක්‍රම නැද්ද කියල..

මම එයාලට කවදාවත් උදව් කරන්නේ නැහැ. මොකද දාලා ගියපු කෙනෙක්ව ආයෙත් ගෙන්න ගන්නවා කියලා කියන්නේ සොබාදහම විසින් ඈත් කරපු , විෂ සහිත දෙයක් නැවතත් ලං කරගන්නව කියන එකට..

ඔයාගේ ජීවිතය තුළ කෙනෙක්ට කොයි තරම් ආදරය කළත් ,
එයා එක පාරක් හරි ඔයාට බලාපොරොත්තු දීලා ඔයාව අතහැරලා ගියොත්, එතනින් එහාට එයා ආයෙත් ආවොත් කවමදාවත් දොර අරින්න එපා අර ඉස්සර තිබුණු ආදරේ නාමෙන් කියලා...!!!

ප්‍රතිපත්තියක් හදාගන්න !
" කෙනෙක් ඔයාව එක පාරක් එපා කියලා දාලා ගියොත් , ආයේ කවදාවත් ඒ මනුස්සයාට ළඟටවත් එන්න දෙන්නෙ නැතුව ඉන්න..."

අමතක කරන්න එපා, සැබෑ ජීවිතය සුරංගනා කතාවක් නෙමෙයි ! එනිසා මිනිස්සුන්ගේ වචන වලට රැවටෙන්නේ නැතුව කාලෙකට කලින් එයාලා ඇත්තටම පෙන්නපු එයාලගේ චරිතය අමතක නොකර ඉන්න ! 💫

- Gumiho's Diary -

Address

Suwarapola
Piliyandala

Opening Hours

Monday 08:00 - 18:00
Tuesday 08:00 - 18:00
Wednesday 08:00 - 18:00
Thursday 08:00 - 18:00
Friday 08:00 - 18:00
Saturday 08:00 - 18:00
Sunday 08:00 - 18:00

Telephone

+94721020000

Website

Alerts

Be the first to know and let us send you an email when Dalmatian Paradise posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Dalmatian Paradise:

Share