Wellawatta Nithyakalyani Jewellery

Wellawatta Nithyakalyani Jewellery වැල්ලවත්ත නිත්‍යකල්‍යාණි ජුවලරි
(2)

Address

541, Galle Road
Colombo

Alerts

Be the first to know and let us send you an email when Wellawatta Nithyakalyani Jewellery posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Wellawatta Nithyakalyani Jewellery:

Share

වැල්ලවත්ත නිත්‍යකල්‍යාණි ජුවලරි

අභිමානවත් දේශීය උරුමය සහ සම්ප්‍රදාය ලෝකයට රැගෙන යන වැල්ලවත්ත නිත්‍යකල්‍යාණි ජුවලරි ශ්‍රී ලාංකේය ස්වර්ණාභරණ කර්මාන්තයේ පුරෝගාමී ආයතනයක් වේ. වසර 40ක් පුරා නිර්මාණශීලීත්වය සහ ගුණාත්මකභාවය මනාව සංකලනය කරමින් අඛණ්ඩ නවෝත්පාදනයන් ඔස්සේ තිළිණ කළ අති විශිෂ්ට නිමැවුම් නිසා ස්වර්ණාභරණ ලොව විශ්වාසයේ සහ විශිෂ්ටත්වයේ සංකේතය බවට වැල්ලවත්ත නිත්‍යකල්‍යාණි ජුවලරි පත්වී ඇත. සෑම සංස්කෘතියකටම සහ සෑම ජීවන රටාවකටම ගැළපෙන ස්වර්ණාභරණ සැකැසීමට හැකි වීම සම්බන්ධයෙන් අපට ඇත්තේ නිහතමානී ආඩම්බරයකි. ශ්‍රී ලංකා ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරියේ මෙන්ම ශ්‍රී ලංකා ජාතික අපනයන මණ්ඩලයේ ඇගැයීම සහිතව කිසිවෙකුට නොදෙවැනි ලෙස අති විශිෂ්ට සේවයක් ජනතාවට සැපයීමට අපට හැකි වී ඇත.

පහසුවෙන් ළඟා විය හැකි කොළඹ නගරයේ හදවත බඳු ස්ථානයක පිහිටි අපගේ නවීන සහ සුවිශේෂ ප්‍රදර්ශනාගාරයට පැමිණ මාල, මුදු, වළලු, පෙන්ඩන්ට්, කරාබු මෝස්තර 25000කට අධික ප්‍රමාණයක් අතරින් සිතැඟි ස්වර්ණාභරණ තෝරා ගැනීමට ගනුදෙනුකාර භවතුන්ට අවස්ථාව සැළසේ. සාම්ප්‍රදායික ශ්‍රී ලාංකේය මෝස්තරවල සිට ඉන්දියානු සහ නවීන පන්නයේ මෝස්තර දක්වා ඇදහිය නොහැකි ලෙස ප්ලැටිනම්, රත්රන්, සුදු රත්රන්, දියමන්ති, මුතු, මැණික් ආදියෙන් නිමැවූ ස්වර්ණාභරණ රැසක් වැල්ලවත්ත නිත්‍යකල්‍යාණි ජුවලරි වෙතින් මිල දී ගත හැකිය.

සාමාජිකයන් 150කින් සමන්විත අපගේ කණ්ඩායම ඕනෑම වයසක, සංස්කෘතියක අවශ්‍යතාවට ගැළපෙන අයුරින් ස්වර්ණාභරණ සැකැසීමට සිය නිර්මාණශීලිත්වය සහ සුවිශේෂ හැකියාව යෙදවීමේ විශිෂ්ටයෝ වෙති. එසේම නවීන තාක්ෂණය යොදා ගනිමින් නවීන කර්මාන්තශාලා තුළ ගුණාත්මකභාවය සහ දිගු කල් පැවැත්ම ආරක්ෂා වෙන අයුරින් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව මනා තත්ත්ව පාලනයක් යටතේ ස්වර්ණාභරණ නිෂ්පාදන කරයි. ඉහළ ගුණාත්මකභාවය තහවුරු කිරීමට ලේසර් තාක්ෂණය යොදා ගන්නා අතර අපගේ කළමනාකරණ කණ්ඩායමේ සියලු සාමාජිකයන් GIA (Gemological Institute of America) සුදුසුකම සපුරා ඇත.

ශ්‍රී ලංකා ජාතික මැණික් සහ ස්වර්ණාභරණ සංගමයේ සාමාජිකයකු මෙන්ම ශ්‍රී ලංකා ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරියේ සාමාජිකයකු වන අප හැකියාවන්ගෙන් සපිරි තරුණ පරම්පරාවට සහයෝගය දක්වන්නේ එය සමාජ වගකීමක් ලෙස සළකමින්ය. වාහන නවතා තැබීමේ පහසුකම් සහ නොමිලේ WiFi පහසුකම් සහිත අපගේ වැල්ලවත්ත ප්‍රදර්ශනාගාරයේදී නිසැකවම උසස් සේවයක් පාරිභෝගික භවතුන්ට පිරිනැමේ.