23/04/2026
මෙල්බර්න් විශ්වවිද්‍යාල ඉතිහාසය අලුත් කළ ලංකාවේ "නිවුන් විද්‍යාඥවරියන්" දෙදනා! 🇱🇰✨
වසර 168ක දීර්ඝ අභිමානවත් ඉතිහාසයක් ඇති, ලොව සුප්‍රකට ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් විශ්වවිද්‍යාලය (University of Melbourne) මින් පෙර කවදාවත් මෙවැනි සිදුවීමකට සාක්ෂි දරා තිබුණේ නැත. එම ඉතිහාස පොතේ රන් අකුරින් තම නාමයන් සනිටුහන් කරන්නට ශ්‍රී ලාංකේය නිවුන් සොයුරියන් දෙදෙනෙකු සමත් වූයේ මුළු මහත් ජාතියටම අභිමානයක් ගෙන එමින්.
ඔවුන් නදීශා ගුණරත්න සහ තේජානි ගුණරත්න.
මෙම සොයුරියන් දෙදෙනා ඉතිහාසයට එක් වූයේ එකම දිනකදී ආචාර්ය උපාධිය (PhD) ලබාගත් ප්‍රථම නිවුන් සහෝදරියන් ලෙසයි!
📚 පාසල් මවගේ සිට ජාත්‍යන්තරය දක්වා ගමන.
කොළඹ මියුසියස් විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබා, පසුව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ආහාර විද්‍යාව හා තාක්ෂණය පිළිබඳ විශේෂ උපාධිය දිනාගත් මොවුන්, සිය පර්යේෂණ ක්ෂේත්‍රයේ ඉහළටම යෑමේ අරමුණින් මෙල්බර්න් විශ්වවිද්‍යාලයට පිවිසියේය.
🍫 චොකලට් ගැන අපූරු පර්යේෂණයක්!
ඔවුන්ගේ ආචාර්ය උපාධි පර්යේෂණය හුදෙක් ශාස්ත්‍රීය එකක්ම පමණක් නොව, ඉතා රසවත් මාතෘකාවකි. චොකලට් අනුභව කිරීමේදී මිනිසුන්ගේ චිත්තවේග (Emotions) සහ පංචේන්ද්‍රියන් (Sensory response) ප්‍රතිචාර දක්වන ආකාරය පිළිබඳව ඔවුන් ගැඹුරු අධ්‍යයනයක නිරත විය. ඔවුන් දෙදෙනා එක්ව මේ වන විටත් ලොව පිළිගත් විද්‍යාත්මක පර්යේෂණ පත්‍රිකා 07ක් ප්‍රකාශයට පත් කර තිබීම විශේෂත්වයකි.
🌍 අද ඔවුන් ලෝකය දිනූ විද්‍යාඥවරියන්
අද වන විට නදීශා සහ තේජානි ජාත්‍යන්තරයේ පිළිගත් ඉහළම තලයේ විද්‍යාඥවරියන් ලෙස වගකීම් දරයි.
නදීශා - ඇමරිකාවේ සුප්‍රකට 'Amway' ආයතනයේ පර්යේෂණ විද්‍යාඥවරියක ලෙස.
තේජානි -ඕස්ට්‍රේලියාවේ CSIRO ජාතික විද්‍යා ඒජන්සියේ ජ්‍යෙෂ්ඨ පර්යේෂණ විද්‍යාඥවරියක ලෙස.
🗓️ දෛවෝපගත දින සලකුණ.
විශ්වයේ අපූරු සැළසුමකට මෙන්, මොවුන්ගේ උපාධි ප්‍රදානෝත්සවය පැවැත්වුණේ දෙසැම්බර් 17 වැනිදාය. ඒ හරියටම ජාත්‍යන්තර නිවුන් දිනයට (දෙසැම්බර් 18) දිනකට පෙර වීම විශේෂත්වයකි.
ශ්‍රී ලාංකේය කාන්තා අභිමානය සහ බුද්ධිමය ශක්තිය ලෝකය හමුවේ ප්‍රදර්ශනය කළ මේ දිරිය දියණියන් දෙදෙනාට අපගේ උණුසුම් සුබපැතුම්! 👏❤️