Sena Design Centre

Sena Design Centre Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sena Design Centre, Ampara.

18/07/2023
18/07/2023

''මගේ හුරතල් පුතේ..
ඔයා දැන් ලොකු මිනිහෙක්. හෙට ඔයාට අලුත් අම්මා කෙනෙක් ලැබෙනවා, අලුත් කෝකියෙක් ලැබෙනවා. ඒ වගේම ඔයාගේ රහස් සේරම බෙදාගන්න අලුත් කෙනෙක් ලැබෙනවා. මීට පස්සෙ මං නෙවෙයි ඔයාගේ ලෝකය එයා. ඔයා මට ආදරේ කරනවට වඩා එයාට ආදරේ කරන්න. ඔයා ඒ අම්මගේ තුරුලට යන්න කලින් මට ඔයාට කියන්න කාරනා කීපයක් තියෙනවා. ඒ දේවල් ඔයා හෙටින් පටන්ගන්න ගමනට මග පෙන්වයි.

එක දවසක් ඔයාගේ තාත්තයි මමයි රණ්ඩු වුණා. දෙන්නම කේන්තියෙන් බැණ ගත්තා කෑගහගත්තා. එයයි මායි දෙන්නම පුදුම කේන්තියකින් උන්නේ. කේන්තියෙන්ම මං ඔයාගේ තාත්තට මෝඩයා කියලත් බැන්නා. තාත්තට පුදුමයි..... එයා ඇහුව ඔයා කොහොමද මට එහෙම කතා කරේ කියලා. මං කේන්තියෙන් පිපිරී පිපිරී තව හයියෙන් කෑ ගැහුවා. මොඩයා, බූරුවා, ගොනා, පිස්සා.. ඔය වගේ හැම වචනයක්ම මට කියවුණා.
ඔයා හිතන්නේ එයා මොනව කළා කියලද.....
කිසිදෙයක් නොකියා එයා මහ හයියෙන් දොර ඇරගෙන එළියට ගියා.
මගේ පුතේ... එදා එයා මට ගහල මගේ මූණ විරූපී කලා නම්, ඔයා අද කොහොමද මෙතන මාත් එක්ක වාඩිවෙලා ඉන්නෙ ? ඔයා එයාව ඔයාගෙ ආදරණීය තාත්තා කියල පිළිගන්නේ ?
ඔයා එයා ගැන ආඩම්බර වෙයිද? එයා එක්ක රණ්ඩු කලා කියලා මට දොස් කියයි ද?
කවදාවත් ඔයාගෙ බිරිදට අතක් උස්සන්න එපා! මොන දේ මොන විදියට සිද්ධ වුණත්..... මොන තරම් තරහින් බැණ ගත්තත්, රණ්ඩු වුණත්, මොහොතකට ඈතින් ඉන්න..... හැමදේම ඉක්මනින් හරියාවි. කොයි මොහොතක හරි ඇය ඔබ සමග විරුද්ධ වුණොත් මේ කතාව, මතක් කරගන්න. ඒ ඔයාගෙ අම්ම වෙන්නත් පුලුවන් කියලා හිතන්න...

ඉතින් කතාවේ ඉතිරි ටික,
තාත්තා පිටවෙලා ගියාට පස්සෙ මට මං ගැනම ලැජ්ජාවක් ඇති වුණා. ඇයි මං එහෙම හැසිරුනේ කියලා..... අපි එක ඇදේ නිදාගත්තා. ඒත් එකිනෙකාට කතා කලේ නෑ......
ඒත් පහුවදා මං ඔයාගේ තාත්තාට ලං වුණා. සිද්ධ වුණ දේට මාත් කණගාටු වෙන බව පෙන්වන්න මං පුලුවන් හැමදේම කළා.... කොටින්ම එදා මං එයා ආසම කෑම වර්ග හැදුවා. එයා වචනයක්වත් නොකියා මට සමාව දුන්නා.. ඒ දවසින් පස්සේ කවදාවත් මං තාත්තාට නං පනං කිව්වේ නැහැ. එයා කෙරෙයි මගේ ගෞරවය තවත් වැඩි වුණා.
මෙන්න මේ දෙයත් හොඳින් අහන්න මගේ පුතේ......
හැමවිටම ඔයාගේ බිරිද ආරක්ෂා කරන්න. ඇය වෙනුවෙන් පෙනී හිටින්න.. ඔයාලා ඇසුරු කරන්නන් ඇයව අවතක්සේරුවට ලක් කරනවා නම්, එයාව රැජිනක් වගේ නගාලීමේ හැකියාව ඇත්තේ ඔයාට විතරයි.
කුමන හේතුවක් නිසාදෝ ඔයාගේ අත්තම්මා මට මුල් කාලේ බොහෝ අකමැති වුණා..... ඒත් ඔයාගේ තාත්තා ඒ වැරදි වැටහීම් දුරුවෙනකල් මා වෙනුවෙන් සිටියා.
මං තවත් කතාවක් කියන්නම්.
දවසක් ඔයාගේ තාත්තගෙ යාලුවන්ට අපි රෑ කෑමක් දුන්නා.... හදිස්සියට මට කෑමට ලුණු දාන්න බැරි වෙලා.. ඒ වෙලාවේ ඔයාගෙ තාත්තා හිනා වෙවී කිව්වේ, "මං අසනීපයෙන් ඉන්න නිසා මගේ නෝනා වැඩිපුර ලුණු දාන්නෙ නැහැ. අපි අපේ ගානට කෑමට ලුණු එකතු කරගමු" කියලා...... එදා එයා මට අමුත්තන් ඉස්සරහ අවමන් කලේ නෑ. එයා කිව්ව දේ සනාථ කරන්න එදා එයා ලුණු නැති කෑම කෑවා.
සමහර වෙලාවට ඔයාගෙ බිරිද බබෙක් වගේ දැනේවි..... ඇයට තනියම කිසිදෙයක් කරගන්න බැරි වේවි. අන්න ඒ වෙලාවට තමයි ඔයා එයා එක්ක ඉන්න ඕනි.
ඔයා ඔයාගෙ බිරිදගේ හිත කියවන්න පුරුදු වෙන්න. එයාව එකතු කරන් යන්න පුලුවන් හැම ගමනටම ඇයව එක්කරගෙන යන්න. රස්සවට වගේම එයා වෙනුවෙනුත් වෙලාවක් අනිවාර්යයෙන් තියාගන්න.
මං දන්නවා ඔයා මට ආදරෙයි... ඔයාගෙ හැම ප්‍රශ්නයක්ම අද වෙනකල් ඉස්සෙල්ල කිව්වෙ මට, ඔයාගෙ අම්මට.. ඒත් පුතේ අදින් පස්සේ ඒ දේවල් වෙනස් කරන්න. හැම වැඩකදිම, හැම තැනකදිම එයා ඉන්න ඕනි මට කලින්..... ඔයාගේ දේවල් දැන ගන්න පළමු කෙනා වෙන්න ඕනි එයා.
ඔයා එයා එක්ක ප්‍රශ්නයක් දාගත්ත ගමන්ම මාව හොයාගෙන එන්න එපා. දවසක් දෙකක් ගියත් එයා එක්ක කතා කරල විසදගන්න.. ඔයා, ඔයා එක්කම කතා කරල ප්‍රශ්නය තේරුම් ගන්න.
අන්තිමට කියන්නේ මාසෙකට සැරයක්වත් දෙන්නම එන්න මාව බලන්න..... මොනදේ වුණත් ඔයා හැමදාමත් මගේ පුතා. මේ උපදෙස් ඔයාට ලස්සන පවුලක් හදන්න උදව් කරයි.

-උපුටා ගැනීමකි-

30/09/2021

ඇත්තටම !

U TURN Gents Casual Shirt Rs.1200.00
15/01/2020

U TURN Gents Casual Shirt
Rs.1200.00

I TURN Gents Casual Shirt1200.00
14/01/2020

I TURN Gents Casual Shirt
1200.00

30/05/2019

ඔබට ඔබේ දරුවාට ඉතාවැදගත්.
====================
ලංකාවේ අතීතයේ සිට විවිද වකවානු වලදී භාවිතා කල ඔබ නොදොටු කාසි.

30/05/2019

නිවාස ලස්සන කරන වෙනස් විදියේ අදහස්

19/03/2018

මෙන්න පිළිකාව හා ඒඩ්ස් නිට්ටාවට සුව කරන ලංකාවේ එකම වෙද මහතා

වර්ෂ අවසාන මහා සේල්..👇👇👌
30/11/2017

වර්ෂ අවසාන මහා සේල්..👇👇👌

Gents Branded Leather Belt100% LeatherBoss,Tommy,Armani,GucciRs.1180.00Rs.1280.00Rs.1350.00
06/01/2017

Gents Branded Leather Belt
100% Leather
Boss,Tommy,Armani,Gucci
Rs.1180.00
Rs.1280.00
Rs.1350.00

DAD&SON Gents T Shirt H/SRs.680.00
02/01/2017

DAD&SON Gents T Shirt H/S
Rs.680.00

Address

Ampara

Telephone

0632223967

Website

Alerts

Be the first to know and let us send you an email when Sena Design Centre posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share