Vishwa Prathikara Madura

Vishwa Prathikara Madura කලක් මිහිතලය මත විරාජ මාන වූ දහමින් සු

පෞරාණික හෙළ වෙදකම වූ කලී දහමින් පෝෂණය වූ හෙළ සංස්කෘතිය සමග අත්වැල් බැදගත් පෞඩ ඉතිහාසයක් හෙළදිව විරාජ මාන කල හෙළ පරපුර ශක්තිමත් කල ප්‍රධාන බලවේගයක් විය. හෙළයන්ගේ දැහැමි දිවි පෙවෙතත් සොබා දහම සමග තිබූ සමීප සබැදියාවත් නිසා එදා සොබහවික ඔෟෂධ වල නියම ප්‍රතිලාභය ලබා ගත හැකි විය​. එම ඔෟෂධ විශ්වයේ ඔෟෂධ ශක්තියෙන් අනූන වූ අතර හෙළයන් එම විශ්ව ශක්තිය හා මනා සබැදියාවකින් අනගි ඵල නෙලා ගන්නට සමත් විය​. අවිහිංසා

වාදී සත් චේතනාවන් මූලික කරගත් හෙළ ප්‍රතිකාර ක්‍රම වල දී කර්මානුකූලව අදෘෂ්‍යමාන විවිධ බලවේගයන් සිදු කරන්නා වූ බලපෑම් ඉතා සාර්ථකව සමනයට පත් කිරීම සිදු විය​.
කෙසේ වෙතත් එම අද්විතීය ඔෘෂධ ප්‍රතිකාර ක්‍රමය අද වන විට පටු අරමුණු හා මුදල් පසු පස ගමන් කරන්නා වූ පිරිස් හේතුවෙන් සීග්‍ර පරිහානියකට පත් වෙමින් පවතී. එමෙන්ම ඔෟෂධ ලබා ගන්නා වූ නියම සත් ක්‍රම වේදයන් හරිහැටි අනුගමනය නොකිරීමෙන් නියම ඔෟෂධ ශක්තියන් වෙළදපලෙහි පවතින්නා වූ ඔෟෂධයන්ගේ නොපවතී. එමෙන්ම ඔෟෂධ නියම කරන්නා වූ සහ ඔෟෂධ පරිහරණය කරන්නා වූ පිරිසගේ ආධ්‍යාත්මික පිරිහීම හේතුවෙන් ඔෟෂධ වල පවතින්නා වූ ගුණය ඉස්මතු කිරීමට චිත්ත සන්තානයන්ගෙන් ලැබිය යුතු සත්කාරය නොලැබී යාමෙන් ප්‍රතිකාර අසාර්ථක බවට පත් වී ඇත​. එමෙන්ම කර්මානුකූලව බලපවත්වන්නා වූ අදෘෂ්‍යමාන බලවේගයන්ගේ බලපෑම් ඇති විට රෝගියාට ඔෟෂධයන්ගේ නියම ඔෟෂධීය ගුණය ලබා ගැනීමට නොහැකි වේ. වර්තමානයේ එම අදෘෂ්‍යමාන බලවේගයන්ගේ බලපෑම නොසලකා හැරීම සහ ධර්මයට පටහැනි ලෙස කටයුතු කිරීම නිසා ප්‍රතිඵල අසාර්ථක වී ඇත​. විසදුම් තාවකාලික වී ඇත​.

Address

Ihalaudapola-ihalagama Road
Polgahawela
60300

Alerts

Be the first to know and let us send you an email when Vishwa Prathikara Madura posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Vishwa Prathikara Madura:

Share