Sanjeewani Handicrafts

Sanjeewani Handicrafts Home to traditional silver jewelry art.

✨🌾When the sun journeys anew,hearts return to what truly matters…to roots, to rituals, to the warmth of home. 🌞This Sinh...
14/04/2026

✨🌾
When the sun journeys anew,
hearts return to what truly matters…
to roots, to rituals, to the warmth of home. 🌞

This Sinhala & Tamil New Year,
may every beginning be rich with meaning,
every moment shaped by tradition,
and every celebration carry the spirit of generations before us. 🌿

In every detail we cherish today,
there lives a quiet legacy —
crafted with patience, shaped by heritage,
and carried forward through time… ✨
සුභ අලුත් අවුරුද්දක් වේවා! | இனிய புத்தாண்டு வாழ்த்துக்கள்! 🌸

Taking our tradition beyond borders. Proud to present our work at the exhibition while building strong international col...
12/02/2026

Taking our tradition beyond borders. Proud to present our work at the exhibition while building strong international collaborations.

Welcoming 2026 with timeless sparkle ✨ From our family at Sanjeewanie Handicrafts to yours, may the new year shine as br...
01/01/2026

Welcoming 2026 with timeless sparkle ✨ From our family at Sanjeewanie Handicrafts to yours, may the new year shine as brightly as cherished silver. Happy New Year!

💎💎ලස්සන වර්ණ ගොඩක් ඇති රබහ පවුල ගැන විස්තරයක් දැනගනිමු (Garnet) 🙏🙏 #ඈත අතීතයේ සිට මිනිසාගේ නිරන්තර ඇස ගැටෙන මැණික් වර්ගය...
27/12/2025

💎💎ලස්සන වර්ණ ගොඩක් ඇති රබහ පවුල ගැන විස්තරයක් දැනගනිමු (Garnet) 🙏🙏

#ඈත අතීතයේ සිට මිනිසාගේ නිරන්තර ඇස ගැටෙන මැණික් වර්ගයක් ලෙස ගානට් හැඳින් විය හැක. වෙනස් වූ වර්ණ වින්‍යාසයකට නෑකම් කීමත් , සිතැඟි පරිදි තෝරාගැනීමට ගැකි වර්ණයන් ගණනාවකින් නිර්මාණය වීමත් එයට මුලික හේතුව වේ. එමෙන්ම ආභරණ ලෝකය තුල මෙම මැණික් වර්ගය වඩාත් ප්‍රචලිත වීමට ඉවහල් වීමට හේතුව වශයෙන් මෙහි ඇති දෘඩ බවත් , දීප්තිමත් බවත් ඉවහල් වී ඇත. මෙම කුලකය තුල වර්ග 17 ක් තිබුනද , වෙලන්ඩ් ලෝකය තුල පොදු වශයෙන් නිර්වචනය වන්නේ ගානට් , එසේ නොහොත් රබහ ලෙසය.
සෑම ගානට් වර්ගයකම මිනිරල් සංයුතිය තුල කිසිදු වෙනසක් නොවුනද , එහි අන්තර්ගත රසායනික සංයුතුය තුල බොහෝ වෙනස්කම් දැකිය හැක . මැණික් පර්යේෂකයින් විසින් මේ වන විට රසායනික සංයුතීන්ට අනුව ගානට් ප්‍රභේධයන් හයක් ප්‍රධාන ලෙස හඳුනාගෙන ඇත . ඒවා pyrope, almandine, spessartite, grossularite, uvarovite සහ andradite ලෙස හැඳින්වේ. මෙම මුලික ප්‍රභේධයන්ට අමතර තවත් විශේෂිත වූ ගානට් වර්ග 11 ක් වර්ණ විවිධත්වය හා අනෙකුත් සාධක මත නම් කර ඇත.

💎 - Almandine (or Almandite) Garnet
අයන් , ඇලුමිනියම්, සිලිකේට් යන මුලද්‍රවයන්ගෙන් මෙය නිර්මාණය වේ. දම් හා මිශ්‍ර වූ තද රතු පැහැයක් මෙහි දැකිය හැක.

💎 - Andradite Garnet
කැල්සියම් අයන් සිලිකේට් යන මුලද්‍රවය්න්ගෙන් සැදුම් ලත් මෙම ගානට් වර්ගය කහ හා කොළ මිශ්‍රණයෙන් සැදුම් ලත් අඳුරු පැහැයක් ගනී. Andradite කුලකයට අයත් වෙනත් ගානට් වර්ගයන් වන්නේ demantoid, melanite සහ topazolite ය.

💎 - Color-Change Garnet
spessartite සහ pyrope යන ගානට් වර්ගයන් හි මිශ්‍රණයෙන් මෙය නිර්මාණය වේ. ගානට් ලොවේ දුර්ලභම විශේෂය වන්නේ මෙයයි. දිවාකාලයේදී දුඹුරු හෝ තැඹිලි වර්ණයක් පියවි ඇසට පෙනුනද කෘතීම ආලෝකය තුලදී එය දිස්වන්නේ රෝස හා ලා දම් පැහැයෙනි.

💎 - Demantoid Garnet
ගානට් ලොවේ වඩාත් ඉහල වටිනාකමක් ලැබෙන විශේෂය වන්නේ මෙයයි. මෙම මැණික් වර්ගය තුලින් ඉතා දීප්තිමත් කොල වර්ණයක් දිස්වේ

💎 - Grossularite (or Grossular) Garnet
මෙම ගානට් වර්ගය නිර්මාණය වීමට බලපෑ මුලද්‍රව්‍යන් ලෙස කැල්සියම්, ඇලුමිනියම් හා සිලිකේට් හැඳින් විය හැක. Grossularite අයත් කුලකයේ අනෙකුත් සාමාජිකයින් වන්නේ hessonite, leuco, hydrogrossular සහ tsavorite ය.

💎 - Hessonite Garnet

ශ්‍රී ලංකාවේ ගෝමේද ලෙස මෙය හඳුන්වනු ලබයි. එමෙන්ම නවරත්න මැණික් එකතුවේ සාමාජිකයෙකුද වේ. grossula ගානට් කුලකයට අයත් මෙය, දුඹුරු හා රතු මිශ්‍රණයෙන් යුත් පැණි පැහැයක් ගනී. සාමාන්‍ය මැණික් ලොව තුල cinnamon stone ලෙසද ව්‍යවහාර කෙරේ.

💎 . - Hydrogrossular Garnet
ජේඩ් නැමති කොල පහන් යුත් මැණිකට ආදේශකයක් ලෙසද මෙය යොදාගනී. grossular කුලයේ කොල වර්ණයෙන් යුත් මැණිකක් වන Hydrogrossular, පාරාන්ධ තත්වයෙන් යුතු ඝන විශේෂයකි.

💎 - Leuco Garnet
grossular කුලයේ අවර්ණ මැණිකක් වේ.

💎 - Mali Garnet
ගානට් පවුල තුල නිර්මාණය වී ඇති දෙමුහුන් මැණික් වර්ගයක් ලෙස Mali Garnet හැඳින් විය හැක. මෙය ප්‍රති නිර්මාණය වී ඇත්තේ grossular සහ andradite යන අගානට ප්‍රභේධයන් දෙවර්ගය මුහු වීමෙනි. දීප්තිමත් කොල පැහැයක් මෙම මැණික තුල විද්‍යමාන වේ.

💎 - Melanite Garnet
andradite ගානට් කුලකයට අයත් වන මෙය කළු පැහැයෙන් යුත් පාරාන්ධ මැණිකකි.

💎 - Pyrope Garnet
රතු හා දුඹුරු වර්ණයන්ගේ මිශ්‍රණයෙන් නිර්මාණය වන මෙහි අන්තර්ගතය වන්නේ මැග්නීසියම් ඇලුමිනියම් හා සිලිකේට් ය.

❤️ - Rhodolite Garnet
ruby සිට purple.වර්ණය දක්වා මෙහි වර්ණ වින්‍යාශය දිග් වේ. pyrope හා almandite හි මිශ්‍රණයක් වන මෙයද ගානට් පවුලේ දෙමුහුන් මැණිකක් ලෙස හැඳින්වේ.

💎 - Spessartite (or Spessartine) Garnet
නාරං ගෙඩියක දිස්වෙන පැහැය හා රතු හා තැඹිලි මිශ්‍ර පැහැය මෙහි මුලිකව දැකිය හැක. ආභරණ ලෝකයේ ඉතාමත් ජනප්‍රිය තේරීමකි. මැග්නීසියම් ඇලුමිනියම් හා සිලිකේට් මෙහි අන්තර්ගත මුලද්‍රවයන් වේ.

💎 - Star Garnet
ගානට් ලොවේ අතිශය දුර්ලභ විශේෂයක් ලෙස ස්ටාර් ගානට් හැඳින් වේ. මෙහි පෘෂ්ඨය මතුවන ලෙස කපා ඔප දැමීමෙන් තරු මාවක් මතු වේ.

💎 - Topazolite Garnet
කහ පැහැති ටොපෑස් මැණිකක් බඳු මෙම ගානට් වර්ගය , නම් කිරීමේදී ද එහි ඇති සමාන ස්වරුපය පදනම් කරගෙන ඇත. andradite කුලකයට අයත් තද කහ මෙන්ම දෙහි ගෙඩියක දිස්වන කහ පැහැයෙන් යුතු වේ.

💎- Tsavorite Garnet

ක්‍රෝම් මුලද්‍රවයේ බහුලත්වය මත ඉතාමත් මනබන්දනීය කොල වර්ණයක් මෙහි දිස්වේ. මෙම වර්ගය ද අයත්වන්නේ grossular කුලකයටය. ගානට් පවුල තුල වටිනාකමින් දෙවන ස්ථානය ලබන්නේද Tsavorite Garnet ය.

💎 - Uvarovite Garnet

ඉතාමත් දුර්ලභ මැණික් විශේෂයක් වේ. කැල්සියම් ක්‍රෝමියම් හා සිලිකේට් මෙය නිර්මාණය වීමට දායක වූ මුලද්‍රවයන්ය. එමරල් හි දිස්වන කොල පැහැය මෙහි වර්ණය ලෙස නම් කල හැක .

Tomorrow is Good Market day. ❤️❤️Celebrate New Year with our new collection 👍👍https://www.goodmarket.global/sanjeewaniha...
26/12/2025

Tomorrow is Good Market day. ❤️❤️
Celebrate New Year with our new collection 👍👍
https://www.goodmarket.global
/sanjeewanihandicrafts

Aquamarine දියතරිප්පු මාණික්‍ය🩵✨Aquamarine කියන්නේ Beryl පවුලේ අතිශයින් ලස්සන නිල්–ocean නිල් රත්නයක්. නමින්ම තියෙන “Aqu...
04/12/2025

Aquamarine දියතරිප්පු මාණික්‍ය🩵✨

Aquamarine කියන්නේ Beryl පවුලේ අතිශයින් ලස්සන නිල්–ocean නිල් රත්නයක්. නමින්ම තියෙන “Aqua” + “Marine” කියන එක “Ocean Water” – මුහුදු ජලයේ පැහැය” කියන අර්ථයයි. ඒ නිසාම මේ ගලට ඇති දිරුනු, පිරිසුදු, සීතල නිල් පැහැය නොගැඹුරු මුහුදේ වතුරවලට සමානයි.

🔵 පැහැය (Color)

🩵Aquamarine ගල් වල තිබෙන ප්‍රධාන පැහැය:
• Light blue – ඉතා සැහැල්ලු, සාමකාමී නිල්
• Sky blue – අහස වගේ පැහැයක්
• Sea blue / Ocean blue – මුහුදු නිල් (market එකේ වැඩි ඉල්ලුම)
• Blue-green / Teal mix – සමහර ගල් වල පොඩි green tint එකක් බලාගන්නත් පුලුවන්

👉 Deep blue (Santa Maria blue) කියන darkest aquamarine color එක අති දුර්ලභයි.

✨ පිරිසිදුභාවය (Clarity)

Aquamarine කියන්නේ ආලෝකය හොදටම ගමන් කරන high clarity gemstone එකක්.
• අනෙකුත් ගල් වලට වඩා inclusions අඩු ගලකි.
• පිරිසදු, transparent ගලක් නම් ආලෝකය ඉතා සුන්දරව ගලා යනවා
• clean/flawless ගල් high-end jewelry වලට perfect

🧪 Chemical & Physical Properties
• Mineral family: Beryl (Emerald, Morganite, Goshenite gemstones වල family එකේ ගලකි)

• Chemical formula: Be₃Al₂Si₆O₁₈

• Hardness (Mohs): 7.5 – 8 (daily wear rings & pendants වලට super safe)

• Cut: Oval, Emerald cut, Cushion, Pear, Round

📍 හමුවන රටවල් (Sources)

ඉහළ quality Aquamarine ලැබෙන්න ප්‍රමුඛ රටවල්:
• Brazil (Santa Maria) – World’s best quality
• Pakistan
• Madagascar
• Nigeria
• Mozambique
• Russia

Sri Lanka වල Beryl varieties තියෙනවා, නමුත් pure gem-grade Aquamarine rare.

💰 මිල හා වටිනාකම බලන/ලැබෙන සාධක

Aquamarine ගලේ price එක වෙනස් වෙන්නේ මේ factors මතයි:
1. Color – Deep ocean blue > sky blue > light blue
2. Clarity පැහැදිලි බව
3. Cut – Sparkle හොද නම් value වැඩි
4. Carat weight – විශාල size වල deep color තියෙනවා නම් highly expensive
5. Origin – Santa Maria colors premium

👉 General market: Light blue stones affordable
👉 Deep blue stones luxury category/high price

🧿 ජ්‍යෝතිෂ්‍යමය ගුණ (Astrological Benefits)

(රූපවත්ව FB post එකකට හොදයි)
• මනසට සන්සුන් බව
• Stress, tension අඩු කිරීම
• Communication skills, confidence වැඩි කිරීම
• Relationship harmony, calmness, peaceful mindset-හොද සබදතා,සන්සුන් හා සාමකාමී මනසක් නිර්මාණය

Western astrology වල Aquamarine කියන්නේ March birthstone වේ.

💍 අභරණ වල පාවිච්චිය

Aquamarine භාවිතා වන්නේ:
• Engagement rings
• Pendants
• Earrings
• Bracelets
• Luxury jewellery sets

light නිල්–ocean නිල් stones white gold, silver, platinum වලට හොදින් ගැලපෙනවා.

🔥 Fake / Treated stones තිබෙනවද?

ඔව්. Market එකේ:
• Blue topaz එක Aquamarine වගේ කියලා විකුණනවා
• Glass / synthetic ගල් බොහොමයක් තියෙනවා
(aquamarine-දියතරිප්පු ඉතා සැලකිලිමත්ව නිවැරදි දැනුමකින් මිලදී ගතයුතු මාණික්‍යකි)
• Heat treatment නම් වැඩිය නෑ, mild color improve කිරීමකට සමහරු treatment කරයි.

👉 Genuine Aquamarine confirm කරන්න:
• Refractive index check
• Specific gravity(2.68 – 2.74)
• Pleochroism (light blue to nearly colorless)

🧵 සාරාංශය

Aquamarine කියන්නේ නිල් වර්ණයේ පිරිසුදු, සන්සුන්,දීප්තිමත්,classy, premium appearance එකක් තියෙන, Jewelry and astrology දෙකෙම high demand ලැබෙන අගනා මාණික්‍ය රත්නයකි🩵✨

28/05/2025
I'm in NEW ZEALAND Garland Magazine. 😀❤️🎉
28/05/2025

I'm in NEW ZEALAND Garland Magazine. 😀❤️🎉

Address

Pallewela

Alerts

Be the first to know and let us send you an email when Sanjeewani Handicrafts posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Sanjeewani Handicrafts:

Share