13/05/2025
💎❤️ සුබ දවසක් ❤️
සාමාන්යෙන් කොහොමත් මට දවසකට 10 - 12 දෙනෙක් ගල් අදුනගන්න පුලුවන්ද අහල වතුර පාරවල් වල හොයාගන්න ගල් දානව. මට හැම එකකටම ඇට්තටම උත්තර දෙන්න වෙලාව නැතත් පුලුවන් හැම වෙලේම මම ඵොටො වලින් අදුන ගන්න පුලුවන් ගල් ගැන කියල දෙනව.❤️ ඇත්තටම ඵොටො එකකින් බලල ගලක් අදුන ගන්න එකේ යම් අම් සීමාවල් තියෙනව. සමහර ගල් අපිට කියන්න බෑ මේඉවමයි කියල, ගල තට අරගෙන අඩුනගන්නකල්ම. 🙏
ඉතින් මම ගිය පාර දාපු ලිපියෙන් පස්සෙ මට දවසකට 40ක් - 50ක් අතර ප්‍රමානයක් ගල් මොනවද අහල මැසිජ් දානව. ඇත්තටම ඔයාල ටිකක් විමසිල්ලෙන් බැලුවොත් කල්පනා කාරී උනොත් ඔය හම්බ වෙන ගල් වල වෙනස් කම් ඔයාලට තේරෙයි.💎
හොදය් මම කලින් දාපු ලිය්පිය ගොඩක් අයට මතක ඇති. බලපු නැති අය පහල ලින්ක් එකෙන් ඒක බලන්න. ඉතින් ඒකෙ කියල තියෙන්නෙ නාන තොටක ගගක දොලකති ඔයාගෙ වාසනාව උරගාල බලන විදිහ, හොදයි දැන් ඔයාල වැඩේට අත ගහලගල් ගොන්නක් එකතු කරන් ඉන්නෙ කියල මට දාපු ඵොටො වලින්ම තෙරුනා, සමහර අයගෙ නම් රබහ තෝර කෑලිත් තියෙනව මම දැක්ක. පඩියම් නම් ලොකුවටම හොයාගත්ත කට්ටිය හිටිය, ඒත් ඒ එකකටවත් මම උත්තර දුන්නෙ නෙහෙ. මම ඔය ගල් මොනවද කියල කිවුවනම් ඊලග වතාවෙත් ගල් ටික හොයාගත්තට පස්සෙ මටම දානව මිසක් ඔයාල ගල් අඩුන ගන්න මහන්සි වෙන්නෙ නෑ. මේ වැඩේ එහෙම කරන තාක් කල් ඔයාලට දියුනු වෙන්න බෑ. මොකද මට ඔයාලගෙ පස්සෙන් ඉන්න අමාරුයි හැමදාම ගල් මොනවද කිය කියා, ඉතින් මට ඕනි ගල මොකද්ද කියල අදුන ගන්න තත්වෙට ඔයාවලවම දියුනු කරන්න,
හරි ඔන්න දැන් ඒ ගල ටික හොද එලියක් ඉස්සරහින් තියාගෙන වාඩි වෙන්න. අඩුම තරමෙ තමන්ගෙ ඵොන් එකෙ ටොර්ච් එකවත් තියෙන්න ඔනි ඉතින් නැත්තම් මේක කරල වැඩක් නෑ.හරි මුලින්ම ඔයා එදා එකතු කරගත්ත ගල් ටික තියෙනවනෙ, ඒක හොදට වේලිලද බලන්න.තෙත ගතියට තියෙන ගල් ආදුනිකයින්ට අදුන ගන්න අමාර්යි. ඒ නිසා ගල් විශේශයෙන් මතක තියගන්න වේලෙනකන් තියන්න.දැන් වෙලුනු පාට ගල් වල පිටි ගතිය හොදට පිපිල තියෙන ගල් තියෙනම් ඒව වීසි කරගන්න, ඒව 99%ම වීදුරු. ඔය බෝතල් අඩි එහෙම ගගවල් වලට වැටිල කාලයක් ගියාම හරි ලස්සනට ඔප වැටිල එනව. වතුර ගෑවුනාම මැනික් වගේම තමා 🤭 ඒත් එක්කම බලන්න ගල් එකින් එක අත්ට අරගෙන අල්ල උඩ තියාගෙන උඩට පහලට කරල ඒව වල බර ක්කොහොමද දැනෙන්නෙ කියල. ඇත්තටම ඔයාල මේකෙන් බලන්නෙ ගලේ විශිශ්ට ගුරුත්වය. මේකට අල්ල උඩ ගල තියාගෙන හොලවල හරියන්නෙ නැහැ, උඩ පහල යවන්න ඕනි.මේ විදිහට වැඩි බරක වෙනසක් ඔයාට දැනෙන්නෙ නැත්තන්ම් ඒ ගලේ බරට සමාන තිරිවාන කෑල්ලක් මිදුලෙන් හොයාඅගෙන ඒකෙයි ඔයාගෙ මැනික්ද කියල තහවුරු කරගන්න ඕනි ගලෙයි වෙනස බලන්න.ඔයාලට වෙනසක් තෙරෙන්නෙ නෑවගේනම් අසාමන්ය බරක් දැනෙන්නෙ නැත්තනම් ඒක අල්ලල වීසි කරල දාල ඊලග එකට යන්න. ඒ අතරෙ බලන්න එකින් එක ටොද් එක ගහල ගලේ මතුපිට දිලිසෙන ගතියල් එහෙම තියෙද, ගල ඇතුලත විනිවිද පෙනෙන ගතිය තියෙද, කලුපාට ගල් වලනම් ටොච් එක ගැහුවම පාට කොහොමද කියල.ගල කලුපාට උනාට ටොච් එක ගහපුවහම වෙනත් පාටක් පේනවනම් ඊවත් අයින් කරල තියාගන්න. දැන් ඔයාට පෙනෙයි ඔයාගේ එකතු උන ලොට් එක ටිකින් ටික පොඩි වෙනව කියල. හිතට දුකද?🤭 දුක් වෙන්නෙපා ඔහොම තමයි. එක පාරම ගොඩ යන්න අමාරුයි. හැබැයි ඕක දිගටම කරන්න . කවදහරි ගොඩ යයි. ඔයා මාස ගානක් හොයන ගල් වලින් එක ගලක් හරි එකක් හම්බ උනොත් ඔයාට හොද ආරම්භයක් ඒක්. ඒ වගෙම ඔයා දිනුම්.මේ දේවල් දිගටම කරනකොට ඔයාට අත්දැකීම් වලින් ගොඩක් දේවල් ඉගෙන ගන්න පුලුවන්.
හරි ඉතින් මම කිය කිය හිටියෙ කලු පාට ගල් ගැන. ඒව වලත් පිටි පිපුන ඒව ගන්නෙප, ඒව ඔක්කොම මම කිඋවනෙ මුලින්ම වීසි කරගන්න කියල.දැන් ඉතිරි ඒව ටොර්ච් එක ගැහුවම දුබුරු පාට රතුපාට, කොලපාට, කහ පාට වගේ තියෙන එව ගොඩක් වෙලාවට තොර කට්ට, ඒ අතර කප් කිරින්චිත් තියෙන්න පුලුවන්,
මේ අතර ටිකක් තෙල්ල් ගතිය තියෙන ගලුත් ඇති, ඒව තෝර, සමහර වෙලාවට පොඩි කිරින්චි කෑලිත් තියෙන්න පුලුවන්,පොඩි පොඩි රතු පාට ගල් රබහ කෑලි එහෙම තමයි ගොඩක් වෙලාවට. මම මෙහෙම විස්තර කිවුවට ඔන්න මේ ඔක්කොම එක ලොට් එකක තියේ කියල හිතන්නෙපා. සමහර ඒව වල රබහ කෑලි, සමහර ඒවවල, තෝර කෑලි, සමහර විට කට්ට කෑලි ඔය විදිහට පලාත අනුව ඉතින් වෙනස් වෙයි. ජාති ගලුත් තියෙන්න පුලුවන් , සමහර අය පඩියම් වලට යෙලො සපාය කියල රැවටෙනව ගොඩක් වෙලාවට, මට ගොඩක් අය දාන ඒව 80%ම පඩියම්. ඒව කොහොමටවත් අදුන ගන්න අලුත් අයට අපාරුනම් මෙහෙම වැඩක් කරන්න.
ඔයාල එකතු කරන් ඉන්න ඔය විනිවිශ පෙනෙන සපාය ගල් වගේ ඒව, කහපාට ගල් එහෙම එකතු උනාට පස්සෙ, දන්න කියන කෙනෙක් එක්කගෙන ගිහින් අඩුවට යෙලො සපාය කෑල්ලක් සල්ලි වලට ගන්න රු 1000- 2000 වගේ ගානකට ගන්න පුලුවන්. ඉතින් සපායනම් ඌනි තරම් විකුනන්න තියෙනව ඔන්ලයින්, ඒව වලත් ඇත්තට්ම බිස්නස් එක කරන අය ඉන්නව ඇතිවෙන්න. ඒත් කොකටත් ඔයාට විස්වාසවන්තව මුලින්ම වැඩේ කරගන්න ඕනි නිසා ඔයා දන්න කෙනෙක්ගෙන්ම ගලක් අරගන්න,ලොකුවට නෙවෙයි පොඩි එකක්. ඊට පස්සෙ ඔයා බලන්න ඒ ගලෙන් ඔයාගෙ ලොට් එකේ තියෙන ගල් හූරල, ඒව හීරෙනවද කියල. එහෙම හීරෙන්නෙ නැත්නම් ඒක කොරන්ඩම් පවුලෙ ගලක්. ඉතින් මේව හදිස්සියෙ නෙවෙයි, හොදට කල්පනාවෙන් කරන්න්, ටිකින් ටික මොලේට යමක් තෙරුම් ගන්න ඉඩ දීල, වෙලාව, දීල, ගලක් හොයාගෙන විකුනන්න කලින් ඔයා මේක ටිකක් ඉගෙන ගන්න ඕනි නෙ. ඔඅ ඉගෙන ගේත්ත දවසට ඔයාට අනිත් ගල් ඔක්කොම වීසි කරල මැනික් ගලක් විතරක් ගෙදර ගේන්න පුලුවන් වෙයි, අනිවාරෙන් ඒ දවස එනවමයි, තමන්ව විශ්වාස කරන්න, ඔබට ජය.
මේවගේ දේවල් ගැන දැන ගන්න අපිත් එක්ක එකතු වෙලා ඉන්න, ❤️ වැඩක් උනා කියල හිතෙනවනම් මෙකට ලයික් එකක් දාන්න, පහල තියෙන අපෙ page එකට එකකුත් දාල තියාගන්න. https://www.facebook.com/profile.php?id=61566907984129
අපේ group එකට එකතු වෙන්න පහල ලින්ක් එකෙන් https://chat.whatsapp.com/CHJSjl52NxLCfxzDXY8XuO