26/11/2025
පරිස්සමෙන් සියළුම දෙනා....
⚠️ප්‍රවේශම් වන්න!
(2025-11-25 දින සිට ඉදිරි දින කිහිපය සඳහා කාලගුණික තත්ත්වය.)
-
*දිවයිනේ වැසි තත්ත්වය තවදුරටත් පැවතිය හැකි අතර, බොහෝ ප්‍රදේශවල පසුගිය දිනවල ඇදහැළුණු අධික වැසි හේතුවෙන් තවදුරටත් වැසි ඇතිවීම අපදා තත්ත්වයන් වැඩිකළ හැකියි.
ඇතිවිය හැකි ආපදා තත්ත්වයන් සම්බන්දයෙන් නිකුත්කරනු ලබන නිල නිවේදන ගැන අවදානයෙන් පසුවන්න! නවතම තත්ත්වයන් සම්බන්ධයෙන් විමසීම සඳහා 117 මගින් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අමතන්න. (කා.වි.දෙ. මගින් දැනට නිකුත් කරනලද නිල නිවේදන කමෙන්ට් සෙක්ෂන් එකේ.)
* දිවයිනට ආසන්නයේ පැවති කැළඹිලි ස්වභාවය අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වී ඇති අතර මලක්කා සමුද්‍ර සන්දිය ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ පැවති අඩු පීඩන කලාපය පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී ඇත. මෙම පද්ධති ද්විත්වයම තවදුරටත් වර්ධනය වීමේ ලක්ෂණ සහිතවේ. (නිල නිවේදන ඇසුරින් සකසා ඇත. සවිස්තරාත්මක විස්තරය පසුවට ඇත.)
-----
මේ සතියේ වෙන්න පුළුවන් දේවල් මොනවද?
1. දිවයිනේ බොහෝ ප්‍රදේශවල තදවැසි ඇතිවෙන්න පුළුවන්. මේ නිසා නායයාම් සහ ගංවතුර අවදානම් සහිත ප්‍රදේශවල ජීවත්වන ජනතාව අවදානයෙන් පසුවීම අත්‍යවශ්‍ය වේ.
2 අකුණු ඇතිවන අවස්ථාවලදී සහ විශේෂයෙන් ඉදිරි දිනවලදී දිවයින හරහා තද සුළං පැවතිය හැකි බැවින් ගස් කඩා වැටීම් සිදුවිය හැකියි.
3. තද සුළං ඇතිවිය හැකි බැවින් දිවයින වටා මුහුදු ප්‍රදේශ ධීවර සහ නාවුක කටයුතු සඳහා පරික්ෂාකාරී විය යුතුයි.
------
* ඉන්දියාවේ නවදිල්ලිහි සුළිකුණාටු පිලිබඳ කලාපීය කාලගුණ විශේෂඥ මධ්‍යස්ථානය (RSMC - India) විසින් අද දහවල් (2025-11-25) නිකුත් කරනලද නිරීක්ෂණ සහ අනාවැකි අනුව,
+ ලංකාව ආසන්නයේ පවතින කැළඹිලි ස්වභාවය, අද උදෑසන 05.30ට පමණ අඩුපීඩන කලාපයක් දක්වා වර්ධනය වී ඇති අතර එය උතුරට බරව වයඹ දෙසට ගමන් කළහැක. මෙම අඩු පීඩන කලාපය ඉදිරි පැය 48 තුලදී පීඩන අවපාතයක් දක්වා තවදුරටත් වර්ධනය විය හැක.
+ මලක්කා සමුද්‍ර සන්ධිය ආශ්‍රිත මුහුදේ පැවති අඩු පීඩන කලාපය පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී ඇති අතර එය අද උදෑසන 8.30ට උතුරු අක්ෂාංශ 5.4ත් නැගෙනහිර දේශාංශ 99.7ත් ආශ්‍රිතව නිරීක්ෂණය කර ඇත. මෙම පද්ධතිය ඉදිරි පැය 48 තුලදී බටහිරට බරව වයඹ දෙසට ගමන් කරමින් සෙමින් වර්ධනය විය හැක.
-----
සැ.යු.
මෙම නව පද්ධතියේ වර්ධනය වීමේ ස්වභාවය අනුව කාලගුණික පරාමිතින්ගේ හැසිරීම වෙනස් වියහැකි බැවින්, නවතම කාලගුණික අනාවැකි සහ අනතුරු ඇඟවීම් සම්බන්ධව අවදානයෙන් පසුවීම අවශ්‍ය වේ! විශේෂයෙන්ම සමාජ මාධ්‍යයන් හරහා ඔබට ලැබෙන තොරතුරු ගැන විශ්වාස කිරීමට ප්‍රථමයෙන් සොයා බැලීමක් කරන්න. මෙවැනි තොරතුරුවල නිරවධ්‍යතාව ගැන කා.වි.දෙ. මගින් විමසීම් කිරීමට පැය 24 පුරා කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥයා 0112686686 හරහා ඔබට සම්බන්ධ විය හැකියි.
පින්තූර:
අද (2025-11-25) දිවයිනට ඉහලින් දහවල් කාලයේ පැවති වලාකුළු.
Image source:
Windy වෙබ් අඩවියෙන් ලබා ගන්නා ලදී
We acknowledge the Regional Specialized Meteorological Centre (RSMC) New Delhi for providing these forecasts, Windy for cloud products.