Ceylon Nethu gems

Ceylon Nethu gems Gemss sells
(1)

17/10/2026

වර්තමාන ප්‍රබල ඉන්දීය කන්ඩායමට එරෙහිව ඔවුන්ගේ රටටම ගිහින් සාර්ථක වෙනවා කියන්නේ ලේසි කෙලියක් නෙමෙයි. වර්තමානයේ ඉන්දියාවට ඔවුන්ගේ රටේදිම මතක හිටින්න ගැහුවේ ස්ටීව් ස්මිත්, ට්‍රැවිස් හෙඩ් සහ ඩැරල් මිචෙල් විතරයි.

දැන් ශායි හෝප් ඉන්දීය ප්‍රේක්ෂකාගාර මීයට පිම්බාක් කරමින් ඉන්දියාවට උන් හිටි තැන් අමතක වෙන්නම සලකනවා!

මෙවර ඉන්දීය තරග සංචාරයේ,

දෙවෙනි එක්දින තරගයේ ශතකයක්...
තුන්වෙනි එක්දින තරගයේ ශතකයක්...
පලවෙනි විස්සයි විස්ස තරගයේ අර්ධ ශතකයක්...
දෙවෙනි විස්සයි විස්ස තරගයේ ශතකයක්...
දැන් සිව්වන විස්සයි විස්ස තරගයෙත් ශතකයක්...

මේ ශතක අතරින් කොදෙව් ඉතිහාසයේ හොඳම එක්දින සහ විස්සයි විස්ස හඹායෑම් සිදු කරන්න රැස්කල ශතකත් ඇතුලත් වීම විශේෂත්වයක්...

අදත් කොදෙව් මිනිස්සුන්ගේ බලාපොරොත්තුව වෙච්චි හෝප් කොදෙව් බලාපොරොත්තු ඉටු කරපු සුන්දර දවසක්...

ඒ අනුව දැන් හෝප් ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියේ ලකුණු 50ට වඩා ඉනිම් 16ක් රැස් කරලා තියෙයි. මේ විශිෂ්ඨ ඉනිමත් සමගින් දැන් කොදෙව්වන් වෙනුවෙන් ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියේ වැඩිම 50+ ඉනිම් රැස් කල පිතිකරුවා ලෙසින් ක්‍රිස් ගේල් සමග සම තැන ගන්න හෝප්ට පුළුවන් වුනා.

වර්තමානයේ දිනෙන් දින ලීග් පිටිය ක්‍රීඩකයින් ඩැහැ ගනිද්දී සල්ලි වලට රට අමතක කරලා ක්‍රීඩාවෙන් සමු අරන් ලීග් ක්‍රීඩා කරන්න යන ක්‍රීඩකයින් අතරේ තමන්ගේ දූපතේ වැසියන්ගේ බලාපොරොත්තු අංක එක කරගෙන කොදෙව් ජර්සියට අංක එක දීපු මනුස්සයෙක් මේ...

පරිපාලනය අතින් දුර්වල ආර්ථිකය අතින් අනිත් ක්‍රිකට් ආයතන එක්ක බලද්දී දුප්පත් ක්‍රිකට් පාලක මණ්ඩලයක් පවා තිබියදී බොහෝ සුපිරි තරු රට අතහැරලා ලීග් පිටිය තෝරා ගනිද්දී හෝප් ඒ සියල්ලට වඩා රට අංක එක කරගෙන නායකත්වයේ කටු ඔටුන්නත් හිසේ දරාගෙන කොදෙව් ක්‍රිකට් යලිත් ලෝකයේ තේජාන්විත තැනකට රැගෙන එන්න සෑහෙන වෙහෙසක් දරනවා.

මේ තමයි උපන් බිමට ණය නැති වීරයෝ..❤️

✍️ | Rishie Bro

04/10/2026

✳️ම⁣ගේ ගීත ගායනා කරලා දමිත්ලා චාමරලා ආව වගේ තව අය එන්න ඕනෙ✳️

මගේ සිංදු අයිති රසිකයින්ට. අපි හයියෙන් කෑ ගහලා කියන සිංදු ඔයාලට අයිති නැත්නම් කාටද අයිති.

මගේ පැරනි ගීත , අලුත් ගීත හා ඉදිරියේදී එන්න නියමිත ගීත ඔබ ගයන්න.

දමිත්ලා චාමරලා ආවා වගේ තව අය එන්න ඕන .

සේනානායක වේරලියද්ද

#සචින්තv

04/10/2026
Red garnatCt 240Rs 180000789052249
04/10/2026

Red garnat
Ct 240
Rs 18000
0789052249

Red GarnatCt 240ct 2.80- ct 7 Rs. 180000789052249
04/10/2026

Red Garnat
Ct 240
ct 2.80- ct 7
Rs. 18000
0789052249

04/10/2026

Grant
ct 240
0789052249

04/10/2026

Red Grant
Ct 240
Rs 18000
0789052249

04/10/2026

@@දැනුමට යමක්

වීදුරු කැපුන පලියට මැණික ඇත්තක් වෙන්නේ නැහැ!

මැණික් ලොවේ ලොකුම රහස මෙන්න 🪟❌💎

​අපි පොඩි කාලේ ඉඳන්ම අහලා තියෙන කතාවක් තමයි, "මැණික් ගලක් අරන් වීදුරුවක් උඩ සීරුවොත්, වීදුරුව හීරෙනවා නම් ගල ඇත්ත" කියන එක. ගොඩක් අය තාමත් මැණික් ගන්න ගියාම හොරෙන් හරි වීදුරුවක ගාලා බලනවා මම ඕනෑතරම් දැකලා තියෙනවා. හැබැයි මැණික් විද්‍යාවට (Gemmology) අනුව මේක සම්පූර්ණ වැරදි, අසාර්ථක ක්‍රමයක්! ඇයි එහෙම කියන්නේ කියලා අද අපි හරියටම ඉගෙන ගමු.
​මොකක්ද මේ මෝස් පරිමාණය (Mohs Scale)?
මැණික්වල තියෙන හයිය (දෘඪතාව - Hardness) මනින්න විද්‍යාඥයෝ 'මෝස් පරිමාණය' කියලා එකක් පාවිච්චි කරනවා. මේකේ අංක 1 ඉඳන් 10 වෙනකන් තියෙනවා. ලෝකේ තියෙන හයියම දේ දියමන්ති (අංක 10). නිල් මැණික්, රතු කැට අයිති වෙන්නේ සෆයර් (Sapphire) පවුලට. ඒවයේ හයිය අංක 9යි. හැබැයි අපි මේ කියන සාමාන්‍ය වීදුරු වල හයිය තියෙන්නේ අංක 5.5 ක් වගේ ඉතාම අඩු මට්ටමක.

​කෘත්‍රිම (Synthetic) ගල් වලටත් වීදුරු කපන්න පුළුවන්!

දැන් වෙළඳපොළේ තියෙනවා ලැබ් එකේ හදපු කෘත්‍රිම නිල් මැණික් සහ රතු කැට (Synthetic Sapphire / Ruby). මේවා ස්වභාවික මැණික් නෙවෙයි, මිනිස්සු රසායනාගාර ඇතුළේ හදපුවා. හැබැයි මේ කෘත්‍රිම ගල්වලත් රසායනික සංයුතිය සහ හයිය (Hardness) හරියටම ස්වභාවික මැණික් වගේම අංක 9ක් වෙනවා. ඉතින් ඔයාලා කෘත්‍රිම ගලක් අරන් වීදුරුවක ගෑවත්, වීදුරුව ලස්සනට හීරෙනවා! ඒ විතරක් නෙවෙයි, සාමාන්‍ය ක්වාර්ට්ස් (Quartz) වගේ ලංකාවේ ඕනෑතරම් තියෙන කැට ගල්වල හයියත් අංක 7ක් විතර වෙනවා. ඒවටත් වීදුරු හීරන්න පුළුවන්. ඉතින් වීදුරුව හීරුණා කියලා ඒක වටිනා ස්වභාවික මැණිකක් වෙන්නේ නැහැ නේද?

​ගලට වෙන හානිය ගැන හිතුවද?
අනිත් වැදගත්ම දේ තමයි, ඔය විදියට වීදුරු මත ගල අතුල්ලන්න ගියොත්, ගලේ දාර (Facets/Edges) කැඩෙන්න හෝ සීරෙන්න (Chipping) පුළුවන්.

විශේෂයෙන්ම ඔප දමපු (Polish කරපු) වටිනා මැණිකක් ඔය විදියට කරන්න ගියොත්, ගලේ වටිනාකම එක මොහොතින් නැති වෙලා යනවා.
​එහෙනම් ඇත්ත මැණිකක් අඳුරගන්නේ කොහොමද?

මැණිකක් ඇත්තද නැත්තද කියලා බලන්න තියෙන එකම සහ ආරක්ෂිතම ක්‍රමය තමයි පිළිගත් රසායනාගාරයකින් මැණික් වාර්තාවක් (Gem Report / Certificate) ලබා ගන්න එක. එහිදී ක්ෂුද්‍රදර්ශක (Microscope) මඟින් ගල ඇතුළේ තියෙන ස්වභාවික පළුදු (Inclusions), නූල් (Silk) සහ වර්ණ රටාවන් පරීක්ෂා කරලා, ගල සියයට සීයක්ම ස්වභාවිකයි කියලා සහතික කරලා දෙනවා.

​ඔබත් මැණික් මිලදී ගැනීමේදී මෙවැනි මිථ්‍යා විශ්වාසවලට රැවටෙන්න එපා. හැමවිටම විද්‍යාත්මක ක්‍රමවේදයන් කෙරෙහි පමණක් විශ්වාසය තබන්න!

අපගේ සමූහය හා එක්වන්න.
Ceylon Nethu gems
Wattsap 0789052249

Address

Shanthi Samagi Mawatha Galagama Nakulugamuwa
Beliatta
82400

Website

Alerts

Be the first to know and let us send you an email when Ceylon Nethu gems posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share